දරුවා බිහිවෙන තෙක් සියලු දෙනාගෙන් වසං කරලා..
119 හදිසි ඇමතුම් අංකයට ඇමතුමක් ලැබිලා..
තම කුසින් බිහිකල දරුවා එම මොහොතේම ගෙල සිර කර මරා මළසිරුර පාළු ළිඳකට දැමූ මවක්, කුඹුක්කඩවල මෝහොරිය ප්රදේශයේදී පෙරේදා (08) මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සැමියාගෙන් දික්කසාද වී සිටි කාන්තාවක් බව සඳහන්.
අදාළ කාන්තාව අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් තිබූ බවද එම හේතුවෙන් දරුවෙකු පිළිසඳගෙන තිබුණ ද දරුවා බිහිවෙන තෙක් ඇය මවටත් පියාටත් සමාජයටත් එය වසං කරගෙන සිට තිබෙනවා.
කෙසේ නමුත් මෙම කාන්තාව නිවසේදී දරුවා ප්රසූත කර ඇති බවත්, ඒ වන විට නිවසේ කිසිවෙකු නොසිට ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.
ප්රසූත කිරීමෙන් පසු රෙදි කඩකින් දරුවාගේ ගෙළ සිරකර මරා දමා ඇති බවත්, ඒත් සමඟම මවත් පියාත් නිවසට පැමිණිමත් සමඟ කුඩා ප්ලාස්ටික් බේසමකට සිරුර දමා ඇති බවත් සඳහන්.
ඉන්පසු අදාළ මළසිරුර නිවස පිටුපස පාළු ළිඳකට දමා ඇති බවත් හෙළි වී තිබෙනවා.
පසුව 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු ඇමතුමක් අනුව අදාළ සැකකාර කාන්තාව මුන්දලම පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබූ අතර පොලීසියෙන් දිනක් වයසැති දරුවාගේ මළසිරුර ද ළිඳෙන් ගොඩ ගෙන තිබෙනවා.
මරා දමා තිබූ බිළිඳා පිරිමි දරුවෙකු බව ද පොලීසිය පවසනවා.
සැකකාර කාන්තාව පොලිස් ආරක්ෂාව යටතේ පුත්තලම මූලික රෝහලේ ප්රතිකාර ලබනවා.