Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
10
"ගෙවන්න ඕන නැහැ කියලා හිතුණොත් ඒ චරිතය මරලා දානවා. නැත්නම් රට යවනවා..." - සුනීතා විමලවීර

- "ගෙවන්න ඕන නැහැ කියලා හිතුණොත් ඒ චරිතය මරලා දානවා. නැත්නම් රට යවනවා..." - සුනීතා විමලවීරHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,833 Views
"ජයලත් මනෝරත්න ගැහැනියක් විදිහට වේශ නිරූපණය කළේ මමයි.."

"ඒ හැම දෙයක්ම මැද්දේ අපේ ජීවිතය ඉදිරියට යනවා..."

සුනීතා විමලවීර කියන්නේ කාලයක් පුංචි තිරය නපුරු චරිතවලින් ආක්‍රමණය කළ නිලියක්. ඇයගේ රංගන කෞශල්‍ය නිසාම බොහෝ රසිකයින් ඒ නපුරු චරිතවලට වගේම ඇයටත් බැණුම් අහන්න සිද්ධ වුනා. ඒ කොහොම නමුත් මේ වෙද්දී නිර්මාණවලින් ඉදහිට දකින්න ලැබෙන සුනීතා ඇය ගැන කියන්නේ මෙහෙම කතාවක්.

“පුතාලා දෙන්නා ඉගෙන ගන්නේ තර්ස්ටන් විද්‍යාලයේ. ලොකු පුතා පවන් ප්‍රේමතිලක. 8 පන්තියේ. පොඩි පුතා දිවාන් ප්‍රේමතිලක. 6 පන්තියේ. දෙන්නාම බාස්කට් බෝල් සෙල්ලමට දක්ෂයි. ඒකට අමතර පිහිනන්න ශූරයෝ. දෙන්නම ඉගෙන ගන්නේ ඉංග්ලිෂ් මීඩියම්..."

“මාව නිර්මාණවලින් දකින්න නැති  හේතුව තමයි මේ කාලයේ වැඩිපුරම විකාශය වන්නේ මෙගා. ඒත් මෙගා ටෙලි නාට්‍යවල රඟපෑමෙන් ගොඩක් දුරට මා ඉවත් වුණා. අදටත් ටෙලි නාට්‍යවල රඟපෑමට නම් මට කතා කරනවා. මොකද ඒ ටෙලි නාට්‍යවල රඟපාලා අපට ගත යුතු දෙයකුත් නැහැ. සමාජයට දිය යුකු දෙයකුත් නැත්නම් පිටපත කියවද්දි මම කරන්නේ ඒ වගේ නිර්මාණවලට බැහැ කියන එකයි. ඒ කතා කරන අධ්‍යක්ෂවරුන්ගෙන් සමහරුන්ගේ අතේ තිබෙන්නේ ටෙලි නාට්‍ය පිටපතකට වඩා කොළ කෑලි තුනක් හතරක්. ඒ අතර ඒ නිර්මාණවලදි සමහර වෙලාවට මේ අයට මේ තරම් ගෙවන්න ඕන නැහැ කියලා හිතුණොත් ඒ චරිතය මරලා දානවා. නැත්නම් රට යවනවා. ඒ වගේ නිර්මාණවලට යනවට වඩා හොඳයි නිකම් ඉන්නවා. මේ අයගේ මේ වගේ වැඩ නිසා ප්‍රේක්ෂකයනුයි අතරමන් වෙන්නේ. ඔවුන් විමසන්නේ ඔයාගේ චරිතයට මොකද වුණේ කියලයි. ඒ නිසා හරි හමන් කතාවක් නැති, ලොකේෂන් එකක් නැති, ඇඳුම් මොනවද දන්නේ නැති, එලොව විකාරෙන් මොලොව අතගාන නිර්මාණවලට මා දයක වෙන්නේ නැහැ.”

“අවසානයට රඟපෑවේ චරිත් අබේසිංහගේ ටෙලි නාට්‍යයක. ඒ චරිතයෙන් පස්සේ භාර ගත්තේ ඔහුගේම අධ්‍යක්ෂණයෙන් කෙරෙන අලුත්ම නාට්‍යයක්. මම ඒ ටෙලි නාට්‍යයේ රඟපාන්නේ රොෂාන් රවීන්ද්‍රගේ නැන්දාගේ චරිතය. හොඳ නාට්‍යයක්. එයට අමතරව උදේ අයියාගේ ‘බහුභූතයෝ 2’ චිත්‍රපටයේ රඟපෑවා. ඒ මහේන්ද්‍ර පෙරේරාගේ බිරිය විදියට. ඒ චිත්‍රපටය ඇතුළු තවත් චිත්‍රපට කිහිපයක්, ටෙලි නාට්‍ය කිහිපයකුත් එන්න තිබෙනවා. වේදිකා නාට්‍යවල රඟපෑම නම් මගේ අතින් ගිලිහුණා. ගෙදර වැඩයි, පුතාලගේ වැඩයි එක්ක ඒ කටයුතුවල නියැළෙන්න මට ලැබුණේ නැහැ. ඉදිරියේදි හොඳ වේදිකා නාට්‍යයක රඟපාන්නයි හිතාගෙන ඉන්නේ. හොඳ චරිතයක් ලැබුණොත්.”

සුනීතාගේ ආදරබර සැමියා නලින් ප්‍රේමතිලකව ඈට මුණ ගැසෙන්නේ ද රඟපෑම හා වේශ නිරූපණය නිසා ය. ‘දූදරුවෝ’ ටෙලි නාට්‍යයෙන් මුණගැසෙන ඔවුන් යළිත් උදයකාන්තගේ හුමාලයෙන් හමු වී සුදත් රෝහණගේ ‘නිරානන්දය’ ටෙලි සිත්තමේදී බැඳී හාද කෙළවර වන්නේ විවාහයෙනි. සුනීතා රඟපෑමට අමතරව දරුවන් දෙදෙනාගේ වැඩ අතර කාර්යබහුල වෙද්දී නලින් ද ටෙලි නාට්‍යවල රුව හැඩගැන්වීමේ කලාව අතර අතරමං වෙයි.

“මේ දවස්වල වැඩ කරන්නේ  අලුත්ම නාට්‍යයක. එයට පස්සේ ප්‍රියන්ත කොළඹගේ අලුත්ම චිත්‍රපටයක් ආරම්භ කරනවා. ‘මායා - 2’ චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කරන්න මේ වන විට කටයුතු කරගෙන යනවා.  ‘රිසානා’ කියන චිත්‍රපටයේත් ළඟදිම වැඩ ආරම්භ කිරීමට නියමිතයි. ළඟදිම ‘මිස් ජෙනිස්’ කියන චිත්‍රපටය තිරගත වීමට තිබෙනවා. ජයලත් මනෝරත්න එහි ගැහැනියකගේ චරිතයකටයි පණ පොවන්නේ. එහිදි කිසිසේත්ම හොයා ගන්න බැරි විදියට කාන්තාවක ලෙස ඔහුව මා වේශ නිරූපණය කළා. ‘ගින්දරී - 2’ චිත්‍රපටයත් ළඟදී පැමිණේවි. සුදත් රෝහණ මහත්තයාගේ නාට්‍යයකුත් ළඟදි ආරම්භ කරාවි. ඒක පරම්පරා කිහිපයක් යන දිගු වැඩක්. ”

ඒ අතර නලින් පසුගිය දිනෙක සම්මාන ද හිමි කර ගත්තේය.

“පසුගිය කාලයේ තිබුණු සම්මාන උලෙළවල හැම එකකටම මාව නිර්දේශ වුණා. ජනාධිපති සම්මාන උලෙළේදි මට සම්මානය ලැබුණා. සම්මානයක් ලැබීම ශිල්පියකුට හොඳ දෙයක්. ධෛර්යක්. ඒත් ඒකෙන් අසාධාරණයක් වුණොත් අනෙක් ශිල්පීන්ගේ හිත රිදෙන්න පුළුවන්. වේශ නිරූපණයේදි බලාගෙන ඉන්න අයට හිතෙන්න පුළුවන් ඒ ඒ චරිතවල අප දමන රැවුල දිහා බලාගෙන ඉඳලා ආ.... රැවුල වවා ගත්ත නම් මේ චරිතය කළ හැකි බව. ඒත් කවුරුත් දන්නේ නැහැ ඒ චරිතයට රැවුලක් දමලා තිබෙන බව. ඒ වගේම මායා චිත්‍රපටයේදි හාමුදුරුවන්ගේ මුල් සීන් එක කළේ තට්ටේ ගාලයි. එහෙත් එහි ෂූටින් මාස දහයක් විතර නවත්වන්න සිද්ධ වුණා. ඒ කාලයෙන් පස්සේ ආරම්භ කළ මායා චිත්‍රපටයේදි ඉෂාන් ගම්මුදලිගේ කොණ්ඩය වෙනස් කරන්න ඔහුට පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ වෙනත් නිර්මාණයක ඔහු කටයුතු කරමින් සිටි නිසා. එතැනදි මා ඉදිරිපත් වී පෙර පරිදිම යළිත් තට්ටයක් ඔහුට දැම්මා. ඒ බව කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා අංගරචනය කියන දේ අංග රචනයක් නොවිය යුතු බවයි මගේ අදහස වන්නේ.”

මේ වන විට නලින් ප්‍රේමතිලක වේශ නිරූපණ ශිල්පයට පිවිස වසර තිස්පහක කාලයකි. ඔහු වෙලාවට කලාවට වැඩ කරන්නෙකි.

“මම වෙලාවට වැඩ කරන කෙනෙක්. මට සූදානම් වෙලා ඉන්න කියන්නේ උදේ 2.00ටද ඒ වෙලාවට මම සූදානම් වෙලා ඇති. 2. කියන්නේ 2.01 නොවෙයි. වෙලාවට වැඩ කිරීම ඇතුළේ ශක්තිමත් කෙනකු විදියට වැඩ කරන්න පුළුවන්. වේශ නිරූපණ ශිල්පියා අනෙක් ශිල්පීන් සමඟ නිතර සුහද ගනුදෙනුවක යෙදෙන්න ඕනෑ. ප්‍රියමනාප පුද්ගලයකු විය යුතුයි. ඔහු සිය ශිල්පය ගැන දැනුවත් විය යුතුයි. වේශ නිරූපණ ශිල්පියා සැම විටම වේශ නිරූපණය පමණක්ම දැන ගත යුතු කෙනකු නොවෙයි. අනෙක් සියලු දේම ගැනත්, අලුත් දැනුම ගැනත් අලුත් විය යුතු කෙනෙක්. ඒ නිසා ඔහු ඇසූ පිරූ තැන් අයකු විය යුතුයි. ඒ වගේම වැඩෙහි දක්ෂයකු විය යුතුයි. ඒ විතරක් නොවෙයි මම නම් නිතරම මට පෙර සිටි අපේ ශිල්පීන්ට හිස නමලා ගරු කරනවා. ඒක මගේ පුරුද්දක්. මගේ ගුරුවරයෙක් නොවුණත් මා ඔවුන්ට ගරු කරනවා. උනන්දුව, කැපවීම හා උත්සාහය තියෙනවා නම් ඕනෑම කෙනකුට මේ වෘත්තියේ රැඳීලා සිටිය හැකියි. ඒ ගුණාංගයි කෙනකු ඉදිරියට අරගෙන යන්නේ. මම නම් මැරෙන තුරාවට මේ ශිල්පය ගැන ඉගෙන ගන්නවා. ලංකාවේ මම පමණක් නොවෙයි මේ ශිල්පයට දක්ෂ ගොඩක් අය ඉන්නවා. ”

ඔහු පවසන්නේ මේ වෘත්තියට පිවිසෙන නවකයන්ට ය. ඔහු ඔහුගේ ගුරුවරුන්ට, වැඩිහිටියන්ට ගරු කරයි; සිය වෘත්තියට ගරු කරයි; ආදරය කරයි. ඒ තරමටම නලින් සිය පවුලට ද ආදරේ ය. ඔවුන්ගේ විවාහ දිවියට වසර විසිහයකි.

“අපි හැමෝම සතුටින් ඉන්නවා. අපි මේ කියන්නේ පොඩි පොඩි හැලහැප්පීම් ඇති නොවෙනවා කියලා නොවෙයි. ඒ හැම දෙයක්ම මැද්දේ අපේ ජීවිතය ඉදිරියට යනවා. ලොකු පුතාට අවුරුදු 13ක්. පොඩි පුතාට අවුරුදු 8ක්. ඒ දෙන්නත් රඟපානවා. ඉදිරියට තිරගත වීමට නියමිත ශ්‍රියාණි අමරසේන මහත්මිය නිෂ්පාදනය කළ, ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ ‘යාත්‍රා’ කියන චිත්‍රපටයේ පොඩි පුතා රඟපානවා. ශ්‍රියාණි අක්කාගේ මල්ලිගේ කුඩා කාලයේ චරිතයයි පුතා රඟපාන්නේ. දෙන්නම ‘මහරජ ගැමුණු’ ටෙලි නාට්‍යයේ රඟපෑවා. ලොකු පුතා ගැමුණු කුමාරයාගේ කුඩා කාලයත්, පොඩි පුතා තිස්ස කුමාරයාගේ කුඩා කාලයත් නිරූපණය කළා.”

අද වන විට ඔහු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ඇතුළු ප්‍රවීණ අධ්‍යක්ෂවරුන් සියලු දෙනා සමඟ ම වේශ නිරූපණ ශිල්පියකු ලෙස කටයුතු කර ඇත. ඒ නිසාම වේශ නිරූපණ ශිල්පය ඔහුගේ එක් ජීවිතයකි.

“මම වේශ නිරූපණ ශිල්පයේ නියැළෙන විට ඒක හොඳටම කරන්නයි උත්සාහ ගන්නේ. වැඩක් කරද්දි නිතරම මා ඉන්නේ වැඩේ සමඟයි. ඒ වැඩේ තරම් වෙන දෙයක් මට ඇත්තේ නැහැ. ඒ නිසා ඉදිරියේදිත් මගේ වෘත්තිය වඩාත් හොඳීන් කරගෙන යන්නයි මා අදහස් කරන්නේ. මේ වෘත්තියේ රැඳීලා ඉඳිද්දි ඩොනල්ඩ් කියන්නේ හොඳ මිත්‍රයෙක්. ඔහුව මෙහිදි සිහිපත් කළ යුතුයි. සුදත් රෝහණ මහත්තයා තමයි මට මුලින්ම වැඩක් බාර දුන්නේ. ඔහුවත් සිහිපත් කළ යුතුයි. ඒ වගේම අද දක්වාම මට මේ ගමන එන්න සහයෝගය දුන්න සියලු දෙනාවම සිහිපත් කරනවා. ඔවුන්ට ස්තුතියි. මේ සියලු කටයුතුවල නියැළෙන කොට බිරිය තමයි හැමදේම බලා ගන්නේ. ඇගෙන් ලැබෙන සහයෝගය අප්‍රමාණයි. මගේ මවුපියන් වුණත් අද දක්වාම මාත් සමඟ ඉන්නවා. දැනට සහනයෙන් සතුටෙන් හතර දෙනත් සමඟ ජීවත් වෙනවා.”

තිලානි ශානිකා විතානාච්චි



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top