Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Oct
09
හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දරට අද සිදු වූ දේ - Video

- හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දරට අද සිදු වූ දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට ඇප ලබාදෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබාදී තිබූ නියෝගය කොළඹ මහාධිකරණය අද නිෂ්ප්‍රභ කළා.

ඒ, අදාළ ඇප නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.

ඒ අනුව, හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර ලබන 23 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

නීතිපතිවරයා ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සමේ තීන්දුව ප්‍රකාශ කිරීම කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා පෙරවරු 10.45ට ආරම්භ කළා. 

ආරම්භයේදීම මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ මෙහි පසුබිම් සිද්ධිය රටටම වැදගත් සිද්ධියක් වන බැවින් සම්පුර්ණ නියෝගයම විවෘත අධිකරණයේදි ප්‍රකාශ කිරීමට තමන් තීරණය කළ බවයි. 

සිය තීන්දුවේදී මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා සදහන් කළේ නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ මනුෂ්‍ය ඝාතන චෝදනා ගොනුකර ඇති අවස්ථාවක සැකකරුවන්ට ඇප ලබාදීමේ බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බවයි. 

එමෙන්ම මනුෂ්‍ය ඝාතන චෝදනා යටතේ චෝදනා ගොනුකිරීමට තරම් කරුණු ස්ථාපනය නොවන බවට ද මහේස්ත්‍රාත්වරිය සිය නියෝගයේ සඳහන් කර තිබූ බව මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළා. 

එමෙන්ම අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනාට පමණක් නොව ආරක්ෂක අංශයේ සේවයේ නියුතු කිසිවෙකුට හෝ දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ චෝදනා ගොනුකළ නොහැකි බවට මහේස්ත්‍රාත්වරිය සිය තීන්දුවේ සඳහන් කර ඇතත් එය පැහැදිලිවම අධිකරණ බලය ඉක්මවා යෑමක් බව මහාධිකරණ විනිසුරුවරයා පෙන්වා දුන්නා. 

නඩුවේ පාර්ශ්වකරුවන් නොවන පුද්ගලයන් හෝ යම්කිසි කණ්ඩායමක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු හෝ එවැනි නියෝග නිකුත් නොකනර බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරයා එය විනිශ්චයකරුවෙකුගෙන් කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකි තීරණයක් බවද සදහන් කළා. 

ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ එය විනිසුරුවරයෙකු විසින් නොකළ යුතු නියෝගයක් බවයි. 

බුද්ධි තොරතුරු ලැබුණ ද නිශ්චිතවම ප්‍රහාරයක් එල්ල විය හැකි බව පෙර දැනුවත් වීමේ හැකියාවක් සැකකරුවන්ට නොමැති බව මහේස්ත්‍රාත්වරිය ඇප දීමේ නියෝගයේ කරතිබෙන සඳහන සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරුවරයා සිය තීන්දුවේදී විශේෂ පැහැදිලි කිරීමක් කළා. 

එහිදී විනිසුරුවරයා පෙන්වා දුන්නේ දේවස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අනතුරු අඟවා තිබුණි නම් එය විය හැක්කේ එම ස්ථානවලට ජනතාව වැඩි වශයෙන් එක්රැස්වන අප්‍රේල් 21 පාස්කු ඉරිදා වැනි දිනයක බව ආරක්ෂක ප්‍රධානියෙකුට නොව සාමාණ්‍ය බුද්ධියක් ඇති අයෙකුට ද තේරුම්ගත හැකි කරුණක් බවයි. 

මහේසත්‍රාත්වරිය තීන්දුව ලබාදීමේදී සැකකරුවන් දෙදෙනා ආරක්ෂක කටයුතු භාරව සිටි දෙදෙනෙක් පමණක් ලෙස සැහැල්ලුවෙන් සලකා ඇතත් පළමු වගඋත්තරකරු ආරක්ෂක අමාත්‍යාංශයේ එකම ලේකම්වරයා වන අතර, දෙවන වගඋත්තරකරු ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිවරයා බව මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතාගේ තීන්දුවේ සදහන්.

මෙවැනි ස්වයංඝාතක ප්‍රහාරයක් පිළිබඳ අවස්ථා 347 කදී වාර්තා ලැබී තිබූ බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා ප්‍රහාරයට පෙර දින ලැබුණු වට්ස්ඇප් පණිවුඩයකින් අප්‍රේල් 21 වැනිදා එය සිදුවන බවට නිශ්චිත වශයෙන් තොරතුරු දන්වා ඇති පසුබිමක එවකට පොලිස්පතිවරයා සිදුකර ඇත්තේ එම තොරතුර පහළ නිලධාරීන් සිව් දෙනෙකු වෙත යැවීම පමණක් බව මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළා. 

නමුත් පොලිස්පතිවරයා ලෙස ඔහු කළ යුත්තේ ප්‍රහාරය වැළැක්වීමට සහ රටේ දේපළ සහ ජනතාව ආරක්ෂා කිරීමට නිශ්චිත විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කර ඒ අනුව කටයුතු කරන ලෙස පහළ නිලධාරීන්ට දැනුම් දීම බව විනිසුරු තීන්දුවේ සඳහන් කළා. 

පළමු වගඋත්තරකාර එවකට ආරක්ෂක ලේකම්වරයා මෙම තොරතුරු සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති අවස්ථාවක සාපරාධී නොකර හැරීම මත සැකකරුවන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය යටතේ තොරතුරු ගොනු කිරීමට සහ පවත්වාගෙන යෑමට නීතිපතිවරයා ගත් තීරණය නිවැරදි බව මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළා. 

නමුත් මහේස්ත්‍රාත්වරිය ඇප නියෝගය ලබාදෙමින් එම වගන්තිය යටතේ සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකළ නොහැකි බවට සඳහන් කිරීම අධිකරණ බලයක් නොමැතිව නීතිමය පදනමක් නොමැතිව ලබාදුන් නියෝගයක් බව මහාධිකරණ විනිසුරුවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව 2019.07.09 වන දින හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන වගඋත්තකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත්වරිය ලබාදුන් ඇප නියෝගය අධිකරණ බලයක් නොමැතිව ලබාදුන් බරපතළ නෛතික දෝෂ සහිත නියෝගයක් බවට විනිසුරුවරයා විවෘත අධිකරණයේදී සඳහන් කළා. 

එම නියෝගය අධිකරණයේ හෘද සාක්ෂිය කම්පනය කිරීමට තරම් ප්‍රබල නීතියේ අපගමනයක් සහිත නියෝගයක් බවද මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා සිය තීන්දුවේදී සඳහන් කර සිටියේ.

ප්‍රතිශෝධන බලතල යටතේ අදාළ ඇප නියෝගය නිශ්ප්‍රභ කොට සැකකරුවන් නියෝගයට පෙර සිටි තත්ත්වයට එනම් රක්ෂිත බන්ධනාගාරගත විය යුතු බවට විනිසුරුවරයා මෙහිදී සඳහන් කළා. 

ඒ අනුව සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට ඉදිරිපත් කෙරුණා. 

එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top