පාකිස්ථානයට එරෙහිව අද පැවත්වෙන තුන්වන සහ අවසන් පන්දුවාර විස්ස ක්‍රිකට් තරගය ජයගතහොත් ශ්‍රේණිගත කිරිම්හි තවදුරටත් ඉදිරියට යාමේ අවස්ථාව ශ්‍රී ලංකාවට උදාවනවා.
පන්දුවාර විස්සයි විස්ස ශ්‍රේණිගත කිරිම්වල අංක එකේ කණ්ඩායම වන පාකිස්ථානයට එරෙහි පලමු තරග දෙක ජය ගත් ශ්‍රී ලංකාව, ශ්‍රේණිගත කිරිම්වල 8 වන ස්ථානයේ සිට 7 වන ස්ථානයට දක්වා ඉදිරියට පැමිණියා.
ලාහෝර් හි ගඩාෆි ක්‍රිඩාංගනයේ අද පැවත්වෙන තරගය මෙරට වේලාවෙන් පස්වරු 7ට ආරම්භ වන අතර පාකිස්ථාන කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුකිරිමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඒ අනුව පලමු තරග දෙකට ක්‍රිඩා කල උමාර් අක්මාල් ,අහමඞ් ෂෙයිෂාඞ් වෙනුවට ඉෆ්තිකාර් අහමඞ් සහ හාරිස් සොහෙල් අද තරගයට ක්‍රිඩා කිරිමට නියමිතයි. තරග තුනකින් සමන්විත පන්දුවාර විස්ස තරගාවලිය 2ට බිංදුවක් ලෙස ශ්‍රී ලංකාව මේ වනවිට ඉදිරියෙන් පසුවනවා.
මේ අතර, දසුන් ශානක ගේ නායකත්වය යටතේ පාකිස්ථානයට එරෙහිව පන්දුවාර විස්ස තරගාවලිය ජයගැනිමත් සමග ශ්‍රී ලංකා පන්දුවාර විස්ස නායකත්වය සම්බන්ධයෙන් යළි කථා බහක් ඇතිව තිබෙනවා. කෙසේ වෙතත් මේ මස 27 වනදා ඕස්ට්‍රේලියාවට එරෙහිව එරටදී ආරම්භ විමට නියමිත තරග තුනකින් සමන්විත පන්දුවාර විස්ස තරගාවලිය සදහා ලසිත් මාලිංග නැවතත් නායකත්වයට පත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය පාකිස්ථාන තරගාවලියෙන් අනතුරුව ගන්නා බවද ඔහු සදහන් කර තිබෙනවා.