"ජීවිතේ හැමදේම හොදින් සිදු වෙනකොට අපි ඒක අමතක කරලා මායාවන්වල ජීවත් වෙනවා.. එතකොට තමයි අපිත් දන්නෙ නැතුව හැමදේම විනාශ වෙලා යන්නේ.. ඇත්තටම පෞද්ගලික ජීවිතය, වෘත්තීය ජීවිතය, පවුල් ජීවිතය, සමාජ ජීවිතය සමබරව පවත්වාගෙන යන එක පහසු දෙයක් නෙමෙයි..
ඒ වෙනුවෙන් අපිට මුළු දවසම වෙහෙසිලා වැඩ කරන්න සිද්ධ වෙනවා..’’
ෂාහිඩ් කියයි.
ෂාහිඩ් බොලිවුඩය තුළ ජනප්රියව සිටින්නේ දක්ෂතා සපිරි නළුවෙකු ලෙසින් පමණක් නොව ආදරණීය සැමියෙකු සහ පියෙකු ද ලෙසිනි. සිය රූමත් බිරිද මිරා රාජ්පුත්ට සහ දරුවන් දෙදෙනාට ඔහු තුළ ඇත්තේ දැඩි බැදීමක් බැව් නොදන්නා කෙනෙකු නැත.
එමෙන්ම ඔහු මිතුරන් සමගත් ගත කරන්නේ පී්රතිමත් ජිවිතයකි. ඔහු සිය වෘත්තියටත් ඇපකැප වී සිටින්නේය.
‘‘කාගෙවත් හිත නොරිද්දා මේ බැදීම් පවත්වාගෙන යන්න වෙහෙසෙනකොට මට මාව මඟඇරෙන අවස්ථා බහුලයි.. සමහර වෙලාවට මගෙ බිරිද චෝදනා කරනවා මගේ ජීවිතයේ මූලිකත්වය ලැබෙන්නේ ඇයට නෙමෙයි කියලා.. ඒත් ඒක එහෙම නෙමෙයි.. මට විවාහය දැනෙන්නෙ පොතක් වගේ.. ඒ ඇතුළේ ජීවිතය ගැන හැමදේම ලියැවිලා තියෙනවා.. මීරා කියන්නෙ එහි ප්රධාන චරිතය.. ඇය නැතුව අතුරු චරිත පවත්වාගෙන යන්න බෑ..’’ ඔහු කියන්නේය.
පසුගිය වසර හතරක කාලය තුළ ඔහු ජිවිත පොතේ පරිච්ඡේද ගණනාවක්ම කියැවූයේය. ඒවායින් ලැබුණ දැනුම මොන තරම්දැයි දන්නේ ඔහුම පමණකි.
‘‘මිරා හැම වෙලාවෙම අහන්නේ මම රගපාන චිත්රපටි අසාර්ථක වුණොත් එදායින් පස්සේ ජීවිතය මොන වගේ වෙයි ද කියලා.. මට හැම වෙලාවෙම හිතෙන්නෙ මගේ ශක්තිය මිරා කියලා.. මම කඩා වැටුණොත් මට නැගිටින්න ඇය අත දෙනවා කියන විශ්වාසය මට තියෙනවා.. ඒ හින්දා මට අනාගතය ගැන බයක් නෑ.. ඇත්තටම මිරා කියන්නෙ අදහන්න වටින චරිතයක්.. ඇය මාත් එක්ක විවාහ වුණේ අඩු වයසින්.. ඉක්මනින්ම ඇය මවකුත් වුණා.. ලාබාල වයසින් විවාහ වෙලා, දරුවො දෙන්නෙක් හදාවඩාගෙන, කාර්යබහුල සැමියෙක් එක්ක ජීවිතයට මුහුණ දෙන එක පහසු දෙයක් නෙමෙයි.. ඒත් මිරා ඒක කරනවා.. ඇගේ හීන, ඇය කැමති දේවල් හුගක් ඇති.. ඒත් ඇය ඒ හැමදේම කැප කරලා තියෙන්නේ විවාහ ජීවිතේ වෙනුවෙන්.. අපි දෙන්නගෙ වයස් පරතරය අවුරුදු දහතුනක්.. ඒ හින්දම සිතුම්පැතුම් අතරේ සෑහෙන වෙනසක් තියෙනවා.. ඒත් එකතු වෙලා ජීවිතයේ හැමදේම බෙදාහදා ගන්නෙ කොයි විදියට ද කියලා අපි ඉගෙන ගනිමින් ඉන්නවා.. දරුවන්ගේ වගකීම් දරන්න, ප්රශ්නවලට මූණ දෙන්න තනියම බෑ.. ඒක දෙන්නම තේරුම් ගන්න ඕන.. දෙන්නා අතරේ හොද අවබෝධයක් නැති වුණොත් ජීවිතය අමිහිරි වෙනවා.. මම මේ කියන්නෙ අපි දෙන්නා සම්පූර්ණයෙන්ම එකිනෙකා අවබෝධ කරගෙන ඉන්නවා කියන එක නෙමෙයි.. සමහර වෙලාවට අපි දෙන්නගෙ හොදම යාළුවෝ අපි දෙන්නා.. සමහර අවස්ථාවල අපි නාදුනන්නන් වගේ වෙනවා.. මේක මට විතරක් නෙමෙයි හැම විවාහකයෙකුටම පොදු අත්දැකීමක්..’’ ෂාහිඩ් කියන්නේය.