මේ සිද්ධිය විමර්ශනය කිරීම තලංගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනියට පැවරුණා.
එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂකා සුභාෂිණි. ලැබුණූ තොරතුර හොඳින් නිරීක්ෂණය කළ පොලිස් පරීක්ෂකවරිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පැලවත්ත ප්‍රදේශයේ එම නිවසට ගියා.
නිවසේ ඒ වන විට සිටියේ දැරියගේ පුංචි අම්මා පමණයි. තමන්ට ලැබුණු තොරතුරු ගැන පොලිස් පරීක්ෂකවරිය විමසුවත් පුංචි අම්මා තොරතුරු වසං කරන්නට වුණා.
"එයා ගාමන්ට් එකක වැඩ කරනවා.."
පුංචි අම්මාගේ සත්‍ය දැනගත නොහැකි බව දත් පොලිස් පරීක්ෂකවරිය කෙසේ හෝ දැරියගේ මව කැඳවිය යුතු බව ඇයට දැන්වුවා.
මවගේ වයස අවුරුදු 42 ක්. ඇයට ඇත්තේ එකම දියණියයි. ඇය 15 හැවිරිදියි. ඇගේ පියා සිටින්නේ විදෙස්ගතව යි.
"එයා මේ කරදරෙන් පස්සේ ඉන්නේ මීගමුවේ ආත්තම්මගේ ගෙදර.."
"හරි ඔයා හෙටම ළමයව මට ඉදිරිපත් කරන්න ඕන..."
එසේ කී පරීක්ෂකවරිය සිද්ධිය සම්බන්ධයෙන් මවගෙන්ද ප්‍රකාශයක් ලබා ගත්තා.
"එයා බස් ඩ්‍රයිවර් කෙනෙක්. එයා බස් එක පාක් කරන්නේ අපේ ගේ ඉස්සරහ. එතකොට තමයි මෙයා දුවත් එක්ක සම්බන්ධයක් ඇති කරගෙන තියෙන්නේ. මම මේ මුකුත් දන්නේ නැහැ. දැනගත්තේ දරුවාට අසනීප වුණාම. දරුවව ඩොක්ටර් කෙනෙක් ගාවට එක්කන් ගියාම තමයි දරුවට බබෙක් හම්බ වෙන්න ඉන්නවා කියලා දැනගත්තේ.."
මවගේ ප්‍රකාශ ලබාගත් පොලිස් පරීක්ෂකවරිය ගේ ඊළඟ පියවර වූයේ දැරියගෙන් කට උත්තරයක් ලබා ගැනීමට යි. ඒ අනුව දරුවා තලංගම පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණ සිටියා. ඒ සිය මව ද සමඟයි.
"දුවේ ඔයාට මොකද වුණේ.... ඇත්තම කියන්න.."
ඒ අනුව ඇය කීවේ දිනක් තමා නිදා සිටි මොහොතක අදාළ රියදුරා බීමතින් සිය නිවසට පැමිණ දොරට තට්ටු කළ බවත්, ඒ ශබ්දයට තමා දොර විවර කළ විට ඔහු තමාගේ සිරුර මත ඇද වැටුණු බවත් ඒ අවස්ථාවේ දී ඔහු තමාට ලිංගික අතවර කළ බවයි.
දැරියගේ ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසු ඇය රෝහල්ගත කළ පොලිස් පරීක්ෂකවරිය ඒ වන විටත් ඇය අටමස් ගැබිණියක් බව අනාවරණය කරගත්තා. ඒ අනුව දැරිය රිජ්වේ ළමා රෝහලට ඇතුළත් කෙරුණා.
පසුව පොලිස් පරීක්ෂකවරියගේ උත්සහය වූයේ දැරියට මෙවන් අපරාධයක් කළ සැකකාර රියදුරු සෙවීමයි.
"මේක දැනගත්ත ගමන් එයා පැනලා ගිහින්.." දැරියගේ මව සඳහන් කළා.
"ඒ ළමයට අසනීප වුණාම එයා මේ ගැන ඒ මනුස්සයට කියලා. එතකොට දුවගේ බඩට මාස 5යි. ඒක දැනගත්ත ගමන් එයා මෙහෙන් පැන්නා මිස්..."
"එයාගේ නම පදිංචිය කොහෙද?"
"එච්චර විස්තරයක් නම් අපි දන් නෑ.. එයාගේ නම පියල්.."
"ඒක නම් දන් නෑ. හැබැයි බස් එකේ අයිතිකාරයා ළඟ විස්තර ඇති.."
පොලිස් පරීක්ෂකවරියගේ උපදෙස් මත සැකකාර රියදුරා සේවය කළ බසයේ හිමිකරු හමුවූ දැරියගේ මව අයිතිකරු සතුව තිබූ බස් රියදුරාගේ ජාතික හැඳුනුම්පත් පිටපතක් පොලිස් පරීක්ෂකවරියට ලබා දුන්නා.
ඒ අතර තවදුරටත් කරුණු සොයා ගිය පොලිස් පරීක්ෂකවරියට දැනගන්නට ලැබුණේ සැකකාර රියදුරා රත්නපුර වැද්දාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.
බස් රථය ගාල් කරන්නේ පැලවත්ත ප්‍රදේශයේ අතවරයට පත් දැරියගේ නිවස අසළයි. ඒ නිසා ඔහු දැරියගේ මව සමඟ 'සුහදතාවයක්' ඇති කරගෙන තිබුණා.
ඒ සුහදතාවය නිසා නිතර නිතර ඒ ගෙදරට යන්න එන්න පටන් ගත්තා. කෑම හා තේ ආදියද ඇයගෙන් ඔහුට ලැබුණා.
ඒ හිතවත්කම අවසානයේ පෙරළුණේ මහා 'ඛේදවාචකයකටයි'
තමාට බාලවයස්කාර දියණියක් සිටින බව ඇගේ මවට අමතක වී ගියේ සැකකාර රියදුරාගේ හිතවත්කම නිසයි. රියදුරා දැරියට අතවර කරන්නේ එවන් වටපිටාවක යි.
අවසානයේ සැකකාර රියදුරු ආගිය අතක් නැති වුණා. දින සති ගණන් ගෙවී මාස පහක්ද ගත වී තිබුණා. රියදුරාගේ ජංගම දුරකථනය හා ඉමි අංකයට අදාළ දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ විමර්ශන කළ නිලධාරින්ට පසුගියදා දැනගත හැකි වූයේ සැකකරු මහරගම ප්‍රදේශයේ බසයක රියදුරු ලෙස සේවය කිරීම සඳහා එදින පැමිණිමට නියමිත බවයි.
ඒ අනුව සිවිල් ඇඳුමින් ගැවසුණු නිලධාරින්ට රියදුරු කොටු කර ගැනීමට හැකි වුණා.
ඉන් අනතුරුව සැකකරුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ මුලින්ම තමා දැරියගේ මව සමඟ හිතවත්කමක් පැවැත්වූ බවත්, ඉන් අනතුරුව දැරිය තමාට අවනත වූ බවයි.
එහෙත් ඔහු කියන දේ නීතිය ඉදිරියේ තහවුරු කිරීම සඳහා ප්‍රබල සාක්ෂි තිබිය යුතුයි.
ඒ නිසා සැකකාර රියදුරාගේ හා අතවරයට පත් දැරියගේ ලේ සාම්පල ඩී.එන්.ඒ. පරීක්ෂණ සඳහා යොමු කිරීමට අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් කටයුතු යොදා තිබුණා.
සැකකාර රියදුරා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට බන්ධනාගාර ගත කර තිබෙනවා.
කණගාටුදායකම සිද්ධිය වනුයේ පහළොස් හැවිරිදි දැරිය මේ වන විටත් සිය දරුවා මෙලොවට බිහිකර තිබීමයි. පොලීසිය පවසන අන්දමට අතවරයට පත් දැරිය යළි පාසල් යන අතර ඇය අපොස සාමාන්‍ය පෙළ විභාගයට සුදානම් වනවා.