Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
05
"සජිත්ගේ පිරුවට පොරවාගෙන ඉදිරියට එන්නේ රනිල් යැයි ජනාධිපතිවරයා පැවසුවා" මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා - Video

- "සජිත්ගේ පිරුවට පොරවාගෙන ඉදිරියට එන්නේ රනිල් යැයි ජනාධිපතිවරයා පැවසුවා" මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,914 Views
නොවැම්බර් මස මැද භාගයේදී තමන් ධුර කාලය අවසන් කරන්නේ කිසිදු චෝදනාවක් නොමැති නායකයෙකු ලෙස බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද පස්වරුවේ පැවති ඇල්පිටිය ආසනයේ නිදහස් පක්ෂ සම්මේලනයට එක්වෙමින්.

මේ අතර, ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගත නොවන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහතික වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මෙහිදී ප්‍රකාශ කළා.

ඊයේ ජනාධිපතිවරයා ආසන සංවිධායකවරුන් හමුවේ කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස, කටයුතු කරන්නේ ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ අවශ්‍යතාවන් අනුව බවයි.

එසේම, ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වෙනවා.

පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් රාත්‍රී 8 ට පමණ කොළඹ ජනාධිපති නිල නිවසේදී මෙම මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top