Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
04
ගෝඨාභයගේ පුරවැසිභාවය ගැන පෙත්සම ප්‍රතික්ෂේප වෙයි - Video

- ගෝඨාභයගේ පුරවැසිභාවය ගැන පෙත්සම ප්‍රතික්ෂේප වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,274 Views
ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස පිළිගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම අභියාචනාධිකරණ අද නිශ්ප්‍රභ කළා.

අදාළ පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව ඒකමතිකව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සදහන් කළේ එම පෙත්සමට අදාළව අතුරු තහනමක්ද නිකුත් නොකරන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අභියාචනාධිකරණයේ ගොනු කර තිබූ පෙත්සම තුන්වන දිනටත් අද විභාග කිරීම හේතුවෙන් උපරිමාධිකරණ සංකීර්ණය අවට දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණා.

ඒ පොලිස් කැරලි මර්දන ඒකකයද යොදමින්.

උපරිමාධිකරණ සංකීර්ණය අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කර තිබුණා.

පෙත්සම් විභාග කිරීමේ අවස්ථාව දැක ගැනීම සඳහා අදත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියා.

මෙම පෙත්සම සළකා බැලීම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ ,අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ ආරම්භ වුණේ පෙරවරු 9.38 ටයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට පුරවැසියෙකු ලෙස පිළිගැනීම වැළැක්වීමේ නියෝගයක් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයාට නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනුකර තිබුණේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන්. 

අද දින පෙත්සම සලකා බැලීම ආරම්භ කළ අවස්ථාවේ පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ මෙම පෙත්සමෙහි 6වන වගඋත්තරකරු වන මහින්ද රාජපක්ෂ මහතාගේ නම ඇතුළත් කිරීම, හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ ලෙස සංශෝධනය කළ බවයි.

ඉන් අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දක්වමින් කියා සිටියේ පෙත්සම්කාර පාර්ශ්වය අදාළ විෂය භාර අමාත්‍යංශයට 2005 නොවැම්බර් මස 18 දින වන විට ලේකම්වරයෙකු පත්කර නොසිටි බව පැවසුවද ඒ වන විට එම අමාත්‍යංශයේ ලේකම්වරයෙකු සිට ඇති බවයි.

කෙසේ නමුත් අදාළ ලේඛනයට අත්සන් තැබීමට ලේකම්වරයෙකු අවශ්‍ය නොවන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ 2005 නොවැම්බර් මස 19 වන දින විධායක ජනාධිපති ධුරයෙහි මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම්දීමත් සමග එම ලේඛනයට අත්සන් තැබීමේ බලය ඔහු සතුව පැවති බවයි.

එබැවින් විධායක ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සහතික කිරීමේ ලියවිල්ලට අත්සන් තැබීම වංචාසහගත ක්‍රියාවක් බවට පෙත්සම්කරුවන් පවසන්නේ කෙසේද යන්න ජනාධිපති නීතිඥවරයා අධිකරණයේදි ප්‍රශ්න කර සිටියා.

පෙත්සම ඉදිරිපත් කිරීමේදී මහින්ද රාජපක්ෂ මහතාගේ නාමය ඉදිරියේ ගරුත්වය දක්වා නොතිබීම සම්බන්ධයෙන් නැවත වරක් චෝදණා කළ ජනාධිපති නීතිඥවරයා, පෙන්වා දුන්නේ මෙරට දෙවන ඉහළම අධිකරණය වන අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීමේදි වගකිමෙන් කටයුතු කරන ලෙසයි.

මෙම පෙත්සමේ ප්‍රධාන වගඋත්තරකාර පාර්ශ්වයන් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් කළ යුතුව තිබුණද, එසේ නම් කිරීමක් සිදුව නොමැති බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ චෝදණා කළා.

මෙහිදි අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ප්‍රශ්න කර සිටියේ පෙත්සමේ 5වන වගඋත්තරකරු වන ගෝඨාභය රාජපක්ෂ මහතා එම පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව පෙත්සම ඉදිරිපත් කරන අවස්ථාවෙදි පෙත්සම්කරුවන් දැන සිටියේද යන්නයි..?

ඊට පිළිතුරුදෙමින් ජනාධිපති නීතිඥවරයා සදහන් කළේ, සිය සේවාදායකයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඇප තැන්පත් කර ඇති බව පෙත්සමේ පී-20 වගන්තියෙහි සදහන් කර ඇති බවයි.

එබැවින් පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ එම පදනම මත සිට බව ඔහු පෙන්වා දුන්නා.

එසේම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි සහතිකයට එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අත්සන් තැබු දිනම තවත් පුද්ගලයින් 20 දෙනෙකුගේ පුරවැසි සහතිකයන්ට අත්සන් තබා ඇති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එම පිරිස මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම්කර නොමැතිවීම කෙරෙහිද සිය අප්‍රසාදය පළ කළා.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා වැඩිදුරටත් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ මෙම රිට් පෙත්සම තුළින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙරට පුරවැසිභාවය ප්‍රශ්න කර සිටියද ඔහු මේ අවස්ථාව වන විටත් මෙරට පුරවැසියෙකු බවයි.

මෙරට පුද්ගලයෙකුට උපතින්ම හෝ, ලියාපදිංචි කිරිමෙන් පුරවැසි භාවය ලබාගත හැකි බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

තම සේවාදායකයා මෙරට පුරවැසිභාවය අතහැර විදෙස් රටක පුරවැසිභාවය ලබාගත්තද, එම රටේ පුරවැසිභාවය අත්හැර වර්තමානයේ මෙරටට පැමිණ ඇති හෙයින්, උපන්බිමේ පුරවැසිභාවයක් ඔහුට හිමි බවට ජනාධිපති නීතිඥවරයා එහිදී තර්කයක් මතු කළා.

අනතුරුව මෙම පෙත්සමෙහි 06 වන වගඋත්තරකරුවන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා මධ්‍යහ්න 12ට පමණ සිය කරුණු දැක්වීම ආරම්භ කළා. 

එහිදි ඔහු සදහන් කළේ මෙම පෙත්සමේ තර්ක කිරීමට ඇත්තේ අදාළ පුරවැසි සහතිකය අත්සන් කරන අවස්ථාවේ තම සේවාදායකයාට විධායක බලතල පැවතියේද නැද්ද යන්න සම්බන්ධයෙන් බවයි. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වන ව්‍යවස්ථාවේ 01 වගන්තියට අනුව විධායක ජනාධිපතිවරයාට කැබිනට් මණ්ඩලය පත්කිරිමේ බලය මෙන්ම විෂයන් බෙදාදීමේ බලයද ඇතිබව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ වරයා අමාත්‍යවරයෙකුට ලබාදෙන තුරු විෂයන් තමා භාරයේ තබා ගැනිමේ හැකියාවක් විධායක ජනාධිපතිවරයාට ඇති බවද පෙන්වා දුන්නා.

ඒ අනුව එවක විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි සහතිකයට අත්සන් තබා ඇත්තේ එම බලතල ප්‍රකාරව බව වැඩිදුරටත් සඳහන් කළා.

ඉන් අනතුරුව වගඋත්තරකාර පාර්ශවයේ නීතිඥයින් දැක්වූ කරුණු වෙනුවෙන් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා පිළිතුරු දුන්නා. 

ඔහු එහිදී කියා සිටියේ ජනාධිපතිවරයාට විධායක බලතල පැවතියද ඔහු විධායකයේ තනි බලධාරීයා නොවන අතර, කැබිනට් මණ්ඩලය හා සාමුහික වගකීමක් පවතින බවයි. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වන ව්‍යවස්ථාවේ පළමු වගන්තිය තුළ අමාත්‍යවරුන් පත් කිරීමේ සහ විෂයන් බෙදාදීමේ බලය ජනාධිපතිවරයාට පැවතියද, 44 ව්‍යවස්ථාවේ දෙවන සහ තුන්වන වගන්තිවල එම ක්‍රියාදාමය කෙසේද යන්න පැහැදිලි කර පවතින බව නීතිඥවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා. 

ඒ අනුව ජනාධිපතිවරයා පළමුව ආණ්ඩුව පිහිටුවා අනතුරුව අමාත්‍යවරුන් පත්කර ඉන් පසු විෂය පථ බෙදා දී ඉතිරි අමාත්‍යාංශ තමන් යටතේ තබා ගැනීමේ හැකියාව ජනාධිපතිවරයාට පවතින බව නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා කියා සිටියා. 

ඔහු මෙහිදී පෙන්වා දුන්නේ, එබැවින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි සහතිකයට අත්සන් කළ දිනයේදී මහින්ද රාජපක්ෂ මහතාට ඒ සඳහා බලයක් නොතිබූ බවයි. 

ඒ අනුව එවැනි අවස්ථාවක විධායක බලතල එකවර ක්‍රියාත්මක කළ හැක්කේ හදිසි තත්ත්වයකදී හමුදාව කැඳවීමක් වැනි කටයුත්තක් සඳහා සහ ස්වභාවික ව්‍යවසන අවස්ථාවකදී පමණක් බව නීතිඥවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියා. 

තර්කයක් මතු කරමින් නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ රටේ ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්වීමට පුරවැසියෙකු විය යුතු බව නීතියේ සඳහන් නොවන බවයි. 

අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කිරීමේදීද ඒ හා සමාන තත්ත්වයක් පැවති බව නීතිඥවරයා මෙහිදී පෙන්වා දුන්නා. 

එම අවස්ථාවේදී අධිකරණ ශාලාව තුළ සිටි පිරිසගෙන් මතු වූයේ සිනහවක්. 

එම තනතුරු සඳහා පුරවැසියෙකු වීම අත්‍යවශ්‍ය නොවන බව පෙන්වා දුන් නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හෝ ජනාධිපතිවරයෙකු බවට පත්වීමේදී අනිවාර්යයෙන්ම පුරවැසියෙකු විය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන බවයි. 

ඒ සමඟ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම අවසන් කෙරුණා. 

අනතුරුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සඳහන් කළේ පෙත්සම්කාර පාර්ශ්වය ඉල්ලා සිටින්නා වූ අතුරු නියෝග පිළිබඳව වූ තීන්දුව පස්වරු හයට විවෘත අධිකරණයේදී ප්‍රකාශ කරන බවයි. 

පස්වරු හයට තීන්දුව ප්‍රකාශ කිරීමේ අවස්ථාවට සහභාගි වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු බොහෝ දෙනෙකු අධිකරණ පරිශ්‍රයට පැමිණ සිටියා. 

පෙත්සමට අදාළව තීන්දුව ලබාදිම සිදුවුණේ අභියාචනාධිකරණයේ 301 ශාලාවේදී.

එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස පිළිගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම නිශ්ප්‍රභ කරන බවයි.

අදාළ තීන්දුව විනිසුරු මඩුල්ලලේ ඒකමතික තීන්දුවක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.

අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සදහන් කළේ පෙත්සමට අදාළව අතුරු තහනමක් ද නිකුත් නොකරන බවයි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top