ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි 450 කට අධික මුදලක් වැය වනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා.
රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභාවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මේ වනවිට ජනාධිපතිවරණයට ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අපේක්ෂකයින් 23 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.
එය ඉතිහාසයේ ජනාධිපතිවරණයක් සඳහා ඇප මුදල් තැන්පත් කළ වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාව බවද සභාපතිවරයා කියා සිටියා.