පලස්තීනයේ ඉහළම සම්මානය වන පලස්තීන තාරක සම්මානයෙන් පුද ලද මහින්ද රාජපක්ෂ ජනපති, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග, විදේශ ඇමැති මහාචාර්ය ජී ඇල් පිරීස්, පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන, ලේකම් ලලිත් වීරතුංග ඇතුළු පිරිස අඟහරුවාදා බෙත්ලෙහෙම් නගරයේ සංචාරය කළේ එහි ඓතිහාසිකත්වය දැකබලාගැනීමටය.
එහිදී ජේසු තුමන් උප්පත්තිය ලැබුවේ යැයි විශ්වාස කෙරෙන නේටිවිටි දේවස්ථානය අසල පිහිටි නිහතමානීත්වයේ දොරටුවෙන් රිංගා යාමටද ජනපතිට සිදු විය. එහි උස අඩි හතරකි. ත්‍රස්තවාදයටවත් හිස නොනැමූ ජනපතිතුමන් නිහතමානීත්වයේ දොරටුවේදී හිස නැමුවේ තමන්ගේද නිහතමානීත්වය පෙන්වමින්. එම අවස්ථාව සුදත් සිල්වා ක්ෂණිකයෙන් කැමරා කාචයට හසුකර ගත්තේය.