Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
22
දෙවිවරු වගේ මේ දරුවො ටික බලන්න ආවේ - රණවිරු සත්‍යග්‍රහයේ 12 වන දිනයට ආපු රංගන ශීල්පී බන්දු සමරසිංහ හඬාවැටෙමින් පැවසූ දේ මෙන්න - Video

- දෙවිවරු වගේ මේ දරුවො ටික බලන්න ආවේ - රණවිරු සත්‍යග්‍රහයේ 12 වන දිනයට ආපු රංගන ශීල්පී බන්දු සමරසිංහ හඬාවැටෙමින් පැවසූ දේ මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,326 Views
රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය ආරම්භ කළ සත්‍යග්‍රහයට සහය පළ කරමින් ආගමික නායකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් අඛණ්ඩව කොටුව දුම්රියපොළ ඉදිරිපිටට පැමිණෙමින් සිටිනවා.

සත්‍යග්‍රහයේ නිරත රණවිරුවෙක් හදිසියේ රෝගී වීමත් සමග අද එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

වැටුප් ගැටලුවක් මුල්කර ගනිමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය ආරම්භ කළ සත්‍යග්‍රහයේ 12 වන දිනය අදයි.
 

ඊයේ රාත්‍රියෙත් ආබාධිත රණවිරුවන් වෙනුවෙන් ආශිර්වාද පහන් පූජාවක් පැවැත්වුණේ පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් ප්‍රමුඛ භික්ෂූන්වහන්සේලාගේ සහභාගීත්වයෙන්.

සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයට ඊයේ රාත්‍රියේ භික්ෂූන්වහන්සේ, කලාකරුවන්, මහජනතාව ඇතුළු විශාල පිරිසක් පැමිණ ආහාර පාන ලබාදීමෙන් අනතුරුව ඔවුන්ගේ සුවදුක් විමසා බැලුවා.

අදත් උදෑසන සිට ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසීමට ආගමික නායකයින් සහ සිවිල් ජනතාව මෙම ස්ථානයට එක්ව සිටි අතර, ස්වෙච්ඡාවෙන් පැමිණි වෛද්‍යවරුන් කිහිප දෙනෙක් රණවිරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ද පරීක්ෂා කළා.

ආබාධිත රණවිරුවන්ගේ වැටුප් ගැටලුවලට හැකි ඉක්මනින් විසඳිය යුතු බවට දේව කන්නලව්වක් ද කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී සිදු කෙරුණා.

සත්‍යග්‍රහයේ නිරතව සිටි ආබාධිත රණවිරුවෙක් හදිසියේ රෝගාතුර තත්ත්වයට පත්වීමත් සමග එම ස්ථානයට එක්ව සිටි ජනතාව ඔහුව කඩිනමින් රෝහල්ගත කිරීමට කටයුතු කළ අතර, එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top