Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
22
ගුරුකන්ද විහාරාධිපති හිමියන්ගේ ආදාහනය, අධිකරණ නියෝගයකින් නැවතුනු හැටි මෙන්න - Video

- ගුරුකන්ද විහාරාධිපති හිමියන්ගේ ආදාහනය, අධිකරණ නියෝගයකින් නැවතුනු හැටි මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,073 Views
අපවත් වී වාදාල මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරධිපති පුජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ ආදාහන කටයු තු මුලිතිව් අධිකරණ නියෝගයක් ලැබෙන තෙක් එම විහාර භූමියේ සිදුනොකරන ලෙසට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරනය අද නියෝග කළා.

ඒ මුලතිව් නයාරු කෝවිලේ පාලක සභාව හා ප්‍රදේශයේ දෙමළ ජනතාව විහාරාධිපති හිමියන්ගේ දේහය විහාරස්ථානයට ගෙන ඒමට විරුද්ධව මුලතිව් පොලිසිය වෙත සිදුකල පැමිණිල්ලකට අදාළවයි.

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන් අපවත්වුයේ ඉකුත් 20වනදා රාත්‍රියේදි.

මේහිදි නාහිමියන්ගේ දේහය විහාරස්ථානය වෙත රැගෙන ඒමෙන් වලකින ලෙසට ගුරුකන්ද විහාර භූමියේ පිහිටි නයාරු පුල්ලියාර් කෝවිලේ භාරකාර පිරිසක් සහ ප්‍රදේශයේ දෙමළ ජනතාව විසින් මුලතිව් පොලිසියට පැමිණිලිකර තිබෙනවා.
 

ඒ නාහිමියන්ගේ දේහය විහාරස්ථානයට රැගෙන එමේන් කෝවිලේ කටයුතු වලට බදා වන බවට පවසමින්.

කෙසෙවෙතත් නාහිමියන්ගේ දේහය අද පෙරවරුවේ විහාරස්ථානයට වැඩකරවිමට විහාරස්ථානයේ දායක සභාව කටයුතු කරනු ලැබුවා.

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් මුලිතිව් පොලිසිය කළ කරුණු දැක්වීම අනුව මුලතිව් මහේස්ත්‍රාත් එන්.සුදාහරන් මහතා නියෝග කර සිටියේ නාහිමියන්ගේ ආදහන කටයුතු අධිකරණ නියෝගයක් ලැබෙන තුරු එම විහාර භූමියේ සිදුනොකර ලෙසටයි.

එම අධිකරණ නියෝගයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ ප්‍රදේශයේ සාමය කඩවන ආකාරයේ කිසිදු ක්‍රියාවක් සිදුකිරිමට අවසරයක් නොමැතිබවත් ප්‍රදේශයේ ආරක්ෂා කීරිමට පොලිසිය උපරිමයෙන් කටයුතු කල යුතු බවයි.

අදාළ නියෝගය මගින් දැනට විහාරස්ථානයේ විහාරාධිකාරි පූජ්‍ය මිහිදුපුර රතන‍දේව කිත්ති නාහිමියන් වෙත හා දායක සභාවේ නිළධාරීන්ට හෙට උදැසන මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසටද නියෝග කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ විහාරාධිපති හිමියන්ගේ දේහය විහාරස්ථානයට ගෙනඒමෙන් අනතුරුව විහාරස්ථානය අවට ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව තරකොට ඇති බවයි.

නාහිමියන්ගේ ආදාහන උත්සවය හෙට නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ පැවැත්වීමට දායක සභාව කලින් සැළසුම් කොට තිබුණා.

මේ අතර මේම සිදුවිම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් අදහස් පළකළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top