සැප්තැම්බර් 20 මා ගෙදර හිටියේ නැත. රූගතකිරීමකට අනුරාධපුරේ ආපු ගමන් ය
wife ගෙන් ප්‍රසිද්ධියේ... සමාවගතයුතු බව මගේ මිත්‍රයා පැවසීය...
විවාහ සංවත්සරය කියන්නේ හුඟ දෙනෙක්ට විශේෂ දවසක්. ඒ වගේම පිරිමි පාර්ශවයේ වැඩි පිරිසකට වැඩ රාජකාරි එක්ක කාර්යබහුලත්වය නිසා අමතක වෙන දවසක්.
විවාහ සංවත්සරය ඒ නිසා හුඟ දෙනෙක්ට විශේෂ දවසක්. ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධික ජයරත්නගේ විවාහ සංවත්සරය පසුගිය 20 වන දිනට යෙදී තිබුණා.
කෙසේ නමුත් රංගන ශිල්පියෙකු කියන්නේ ඉතා වෙහෙසකාරී වැඩ රාජකාරී බහුල කෙනෙක්. ඒ නිසාම රූ ගතකිරීමක් සඳහා ඔහු නිවසින් පිටත්ව සිටීම නිසා සිය විවාහ සංවත්සරයට මෙලෙස මුහුණු පොතේ සටහනක් තබා තිබුණා.
සිය අත්දැකීම ගැන ඔහු මුහුණු පොතේ සටහනක් පළකර තිබුණා. එය පහතින්
"Husband ට සෑම අවුරුද්දෙම අමතක වෙන... Wife ට කිසිදා අමතක නොවෙන ... Wife ට වැඩියෙන්ම මල පනින... ඒක ශේප් කරගන්න husband ට වැඩියෙන්ම වියදම් වෙන ඒ අසිරිමත් දවස දවස anniversary නම් වේ... සැප්තැම්බර් 20 මා ගෙදර හිටියේ නැත. රෑගතකිරීමකට අනුරාධපුරේ ආපු ගමන් ය..20 වැනිදා anniversary ය අමතක විය.. Wife ට මල පැන ඇත. සමාව ඉල්ලුවද තාම නොලැබුනි.. හෙට මම ගෙදරයන දවස බැවින් මේ අර්බූදකාරී තත්වය විසදාගැනිමට මා wife ගෙන් ප්‍රසිද්ධියේ... සමාවගතයුතු බව මෙවැනිම අර්බූදයකට කලකට ඉහත මුහුනදුන් මගේ මිත්‍රයා Niroshan Illeperuma මට පැවසීය.. ඒ නිසා මම මේසේ ලියමි...
Happy anniversary darling ... !!"
ප්‍රීතිමත් යුග දිවියක් ගත කරන ඔබ දෙපළට සුබ විවාහ සංවත්සරයක් !!!!