දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අද සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වලට වටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
සබරගමුව සහ දකුණු පළාත්වලත්, කළුතර, ගම්පහ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත්, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
එමෙන්ම, දකුණු පළාතේ විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා වූ තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයේ සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය විටින් විට ඉහළ යා හැකි අතර, මුහුද ද රළු විය හැකියි.
දිවයිනට නිරිත සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී පැයට කිලෝමීටර 70 - 80 දක්වා ඉහළ යා හැකි අතර, එම මුහුදු ප්‍රදේශ ඉතා රළුවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
ඒ සම්බන්ධයෙන් ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කළ යුතු බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මේ අතර ඊයේ දිනය තුළ මිලිමීටර 104 ක වැඩිම වර්ෂාපතනයක් ගාල්ල දිස්ත්‍රික්කයේ දෙල්ලව ප්‍රදේශයෙන් වාර්තාවී ඇති අතර, හියාරේ, මතුගම සහ මාතර - කළුබෝවිටියන ප්‍රදේශවලටද මිලිමීටර 100 ඉක්මවු වැසි ලැබී තිබෙනවා.