Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
22
වත්තල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ කච්චේරියක් වැටලූ මෙහෙයුම

- වත්තල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ කච්චේරියක් වැටලූ මෙහෙයුමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,781 Views
වත්තල - කළ්‍යාණි මාවතේ පවත්වාගෙන ගිය ව්‍යාජ ලිපිලේඛන සකස් කරනු ලබන ස්ථානයක් මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් ඊයේ වටලනු ලැබුවා.

එහිදී ව්‍යාජ ඉඩම් ඔප්පු සහ විවිධ ආයතනවලට අයත් ව්‍යාජ නිල මුද්‍රා සමඟ සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

එම ස්ථානයේ තිබී රාජ්‍ය නිලධාරීන්ගේ, ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ, විදුහල්පතිවරුන්ගේ, ග්‍රාම නිලධාරීන්ගේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිල මුද්‍රා ලෙස සකස් කරන ලද ව්‍යාජ මුද්‍රාවලින් තබා ඇති ආදර්ශ ඇතුළත් පොතක් සහ විවිධ ලිපි ශීර්ෂ ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

වත්තල, ගනේමුල්ල සහ මරදන්කඩවල ප්‍රදේශවල පදිංචි සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top