Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
22
අගමැති රනිල් සහ ඇමති සජිත් අතර තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වෙයි

- අගමැති රනිල් සහ ඇමති සජිත් අතර තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,748 Views
එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර තීරණාත්මක හමුවක් අද පැවැත්වීමට නියමිතයි.

මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මීට පෙරද අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවති අතර, තමන් ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බවට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත මේ වනවිටත් ලිඛිතව දැනුම් දී අවසන්.

එමෙන්ම ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම තවදුරටත් ප්‍රමාද කළ නොහැකි බවටයි එම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ.

මේ අතර, ජාතික හෙළ උරුමය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ මතය අනුව පමණක් ජනාධිපති ධුර අපේක්ෂකයා තෝරා ගන්නේ නම් ඊට එකඟ විය නොහැකි බවයි. කල් නොයවා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස් කරවා අපේක්ෂකයා තෝරා ගැනීමට කටයුතු කළ යුතු බවයි ඔවුන් එමඟින් තවදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත්, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහනුවර ප්‍රදේශයේදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන අපේක්ෂකයා තෝරාගන්නා බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top