Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
21
62 හැවිරිදි කාන්තාවගේ රන් ආභරණ සොරකම් කළ හොර දොස්තර පලායයි

- 62 හැවිරිදි කාන්තාවගේ රන් ආභරණ සොරකම් කළ හොර දොස්තර පලායයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,427 Views
අකුරැස්‌ස ප්‍රදේශයේ රජයේ රෝහලක වෛද්‍යවරයකු ලෙස බොරුවට පෙනී සිටිමින් අකුරැස්‌ස එම රෝහලට ප්‍රතිකාර ගැනීමට පැමිණි බව කියන 62 හැවිරිදි කාන්තාවක්‌ සතු රන් භාණ්‌ඩ සොරා ගෙන ඇති බවට කියනා සිද්ධියක්‌ සම්බන්ධයෙන් අකුරැස්‌ස පොලිසියට ලද තොරතුරු මත පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

සිද්ධිය වු 18 දින අකුරැස්‌ස පදිංචි මෙම කාන්තාව දියවැඩියා රෝගයට ලේ පරීක්‍ෂා කිරීමට උදේ රෝහලට පැමිණ තිබේ. පසුව බලද්දී එදින වෛද්‍යවරුන්ගේ වර්ජනයක්‌ තිබී ඇති බැවින් ආපසු යද්දී සුදු කමිසයක්‌ සහ කලු කලිසමකින් සැරසී සිට අයකු පැමිණ ලේ පරීක්‍ෂා කර දිය හැකි බවට ඇයට පවසා ඇති බවත් අසල බංකුවේ වාඩි වී සිටින ලෙසට ඇයට පවසා ඇත.

පසුව තවත් කාන්තාවක්‌ ද එම බංකුවේ වාඩි කරවා ඇතැයිද ඉන් පසුව අංක 5 වාට්‌ටුවට එන ලෙසට දැනුම් දී තිබේ. ඇය යනු අනෙක්‌ කාන්තාව දැක 5 වාට්‌ටුවට ගොස්‌ ඇතැයි ද එහිදී තමාට අසල ඇඳකට යන ලෙස උපදෙස්‌ ලැබී ඇතැයි ද එම ස්‌ථානයේ සුළු සේවිකාවක්‌ ලෙසට තවත් කාන්තාවක්‌ සිට ඇතැයි ද එහි දී පැළඳ සිටින රන් භාණ්‌ඩ නිසා පරීක්‍ෂා කිරීමට නොහැකි නිසා රන් භාණ්‌ඩ ගලවා බෑග් එකට දමන ලෙසට උපදෙස්‌ දී තිබේ. එහි දී මාලය සහ මුද්ද ගලවා ලේන්සුවක ඔතා බෑගයක දමා තිබේ.

එළියට ගිය මේ දෙදෙනාම නොපැමිණීම හේතුවෙන් රෝගී කාන්තාව විසින් බෑගය පරීක්‍ෂා කර ඇති අතර ලේන්සුවේ ඔතන ලද රන් භාණ්‌ඩ එහි තිබී නැති බව හෙළි වී ඇත. අකුරැස්‌ස පොලිසිය බොරු දොස්‌තර අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පවත්වයි.

"දිවයින"
චන්ද්‍රදාස කොඩිතුවක්‌කු
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top