Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
21
ගණිකා වෘත්තියේ යෙදුණු සුරූපිනියන් 4ක් අල්ලන්න ගිහින් ගම්පොළ බස්නැවතුම්පළේ කලබගෑනියක්

- ගණිකා වෘත්තියේ යෙදුණු සුරූපිනියන් 4ක් අල්ලන්න ගිහින් ගම්පොළ බස්නැවතුම්පළේ කලබගෑනියක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,003 Views
ගම්පොළ නගරයේ ගණිකා වෘත්තියේ නියෑළුනු කාන්තාවන් සිවු දෙනකුට ගම්පොළ දිසා විනිසුරු ශ්‍රීනිත් විඡේසේකර මහතා විසින් එක්‌ අයෙකුට රුපියල් 2000 බැගින් රුපියල් 8000 ක දඩයක්‌ නියම කරනු ලැබුවා.
 
ගම්පොළ නගරයේ අයාලේ යන කාන්තාවන් වැඩිවීමත් සමඟ ගම්පොළ කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මගින් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක්‌ ආරම්භ කළා.

ඒ අනුව ගම්පොළ බස්‌ නැවතුම්පළේ ගැවසෙමින් සිටි මෙම කාන්තාවන් අත්අඩංගුවට ගැනීමට යැමේදී ඔවුන් තුළින් පොලිසිය වෙත දැඩි විරෝධතාවක්‌ එල්ල වුණා.
 
තවත් කාන්තාවන් කිහිප දෙනකු දිවීමට උත්සාහ කළ අතර අත්අඩංගුවට ගත් කාන්තාවන් ජීප් රථයට නැගීම ප්‍රතික්‌ෂේපකොට විරෝධතාවක්‌ දැක්‌වුවා.
 
මේ තත්ත්වයත් සමග ගම්පොළ බස්‌ නැවතුම් පොළ එකම කලබැගෑනියක්‌ බවට පත්වූ අතර දැඩි වෙහෙසක්‌ දරා මෙම කාන්තාවන් සිවු දෙනා පොලිසිය වෙත රැගෙන ඒමට කටයුතු යොදනු ලැබුවා.
 
දීර්ඝ කාලයක්‌ ගණිකා වෘත්තියේ නියෑළෙන මෙම කාන්තාවන් කිහිප අවස්‌ථාවකම අධිකරණය වෙත ඉදිරිපත් කොට ඇති බව ද පොලිසිය සඳහන් කළා.
 
මෙම දඩ නියම වූ කාන්තාවන් ගම්පොළ ඇත්ගාල මීතලාව හා වැලිගඟ ප්‍රදේශයේ පදිංචිකරුවන්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top