Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
20
අවුරුදු 50ක් වයසැති අඩි 20ක් දිග ලෝකයේ විශාලතම සුදු මෝරා සොයා කිමිඳුම්කරුවන් පිරිසක් මුහුදු පතුලට ගිය බිහිසුණු ගමන - Photos

- අවුරුදු 50ක් වයසැති අඩි 20ක් දිග ලෝකයේ විශාලතම සුදු මෝරා සොයා කිමිඳුම්කරුවන් පිරිසක් මුහුදු පතුලට ගිය බිහිසුණු ගමන - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,763 Views
මෝරුන් සමඟ සාගරය සමඟ නිරන්තර සම්බන්ධතා ඇති බොහෝදෙනකුට මෝරුන්ගේ තියුණු දත් අතර බිහිසුණු දර්ශන පිළිබඳ අත්දැකීම් ඇතත් ලෝකයේ විශාලතම සුදු මෝරා දුටු කිමිඳුම්කරුවන් පිරිසක් මුහුදට පනින්නට පෙර කඩිනම් වූයේ ඔවුන්ගේ කැමරා සූදානම් කර ගැනීමටය.
 
“ඩීප් බ්ලු” (Deep Blue) යනුවෙන් හැඳින්වෙන මේ ගොදුරු භක්ෂක දැවැන්තයාගේ වයස අවුරුදු 50කි. බර ටොන් දෙක හමාරකි. දිග අඩි 20කි. ඩීප් බ්ලූ ගැන කරුණු සොයා බැලූ කිමිඳුම්කරුවන් කියන පරිදි ඌ හවායි දූපත් අසලින් දියඹට ඇදී ඇත්තේ මැරුණු යෝධ තල්මසකුගේ සිරුරෙන් යැපෙනු පිණිසය.

2013දී මෙම මෝරා මෙක්සිකෝ අවට මුහුදෙහිද අවසන් වරට කිමිඳුම්කරුවන්ට දැකගත හැකි වූ අතර ඌ පසුව හඳුනා ගැනීමට හැකිවන සේ උගේ සිරුරෙහි ලේබලයක් එල්ලන ලද්දේද එහිදීය. ඒ සඳහා කිමිඳුම්කාර කැමරා ශිල්පී ජුවාන් ඔලිෆන්ට් සමඟ සාගර ජීව විද්‍යාඥ ඕෂන් රැම්සේ මුහුදට පැන්නේය.
 
ඔලිෆන්ට් එම දුර්ලභ අත්දැකීම “ලෝකයේ විශාලතම සුදු මෝරා ඩීප් බ්ලූ සමඟ මුහුණට මුහුණලා” යන මාතෘකාව යටතේ “ඉන්ස්ටග්‍රෑම්” පුවත් සේවයට වාර්තා කළේය. “මෝරා සමඟ ගත කළ දවස සිහිපත් වනවිට තවමත් මම තිගැස්සෙමි” යනුවෙන් ඔහු එහි සඳහන් කළේය.
 
“ස්වභාව ධර්මය පිළිබඳ තමාගේ මෙවැනි ඡායාරූප, මෝරුන්ගේ අලංකාරය හා වැදගත්කම තේරුම් ගැනීමට මෙන්ම ඒ කෙරෙහි ඇල්මක් උපදවා ගැනීමටත් උපකාරි වෙතැයි මම විශ්වාස කරමි” යැයිද ඔහු සඳහන් කළේය.
 
“ඩීප් බ්ලු” සමඟ පිහිනූ කිම්බර්ලි ජෙෆ්රී මෙසේ ලිව්වේය.

“හවායි මුහුදේදී දක්නට ලැබුණු විස්මය ජනකම සිද්ධිය කුමක්දැයි ඔබ මීට දවස් කිහිපයකට කලින් කෙනකු මගෙන් විමසුවේ නම් මගේ පිළිතුර බෙහෙවින් වෙනස් එකක් විය හැකිව තිබිණි.”
 
“ඊයේ ඔබ මගෙන් ඒ ප්‍රශ්නය ඇසුවේ නම්, මගේ පිළිතුර වන්නේ, ලෝකයේ විශාලතම සුදු මෝරා වශයෙන් ලේඛනගත වුණු “ඩීප් බ්ලූ” සමඟ කිමිඳීම යන්නයි. ඔබ ඒ ප්‍රශ්නය මේ මොහොතේ අසන්නේ නම්, මගේ පිළිතුර වන්නේ “ඩීප් බ්ලූ” පමණක් නොව තවත් සුදු මෝරුන් කිහිපදෙනකුද සමඟ කිමිඳීම හා ඔවුන්ගේ ඡායාරූප ගැනීමයි යනුයි”
 
ඩීප් බ්ලූ සුදු මෝරා එන්නටද කලින් තවත් එවැනිම දැවැන්ත සුදු මෝරකු මියගිය යෝධ තල්මසකුගේ මස් කන ආකාරය ඡායාරූප ශිල්පී කිම්බර්ලි ජෙෆ්රි විසින් වීඩියෝගත කොට මූහුණුපොතට විසුරුවා හරින ලද ඡායාරූපවල දැක්වෙයි.
 
මෝරුන් පිළිබඳ පර්යේෂණවල යෙදුණු මොරිසියෝ හොසෝස් පැඩිලාද මෙක්සිකොවේ ගුවාඩලූපා දූපත ආසන්නයේදී සුදු මෝරා දැක ඇත.
 
ගැඹුරු මුහුදේ බියකරු දැවැන්තයෝ
 
සීල් මත්ස්‍ය නිධියක් සැතපුම් දෙකක් දුරදී ආඝ්‍රාණයෙන් හඳුනා ගැනීමේ ශක්තියක් සුදු මෝරාට තිබේ.
 
සුදු මෝර මවක් වරකට පැටවුන් දහයක් පමණ බිහි කරන නමුත්, ඔවුන් වේගයෙන් ඉවතට පීනා නොගියහොත් මෝර මව ඔවුන් සියලුදෙනාම ගිල දමන්නීය.
 
පැයට සැතපුම් 37ක පමණ වේගයෙන් පිහිනා යන මෝර පැටවු ගොදුරු භක්ෂක මසුන්ගේ මුඛය ඔස්සේ අතුරුදන් වෙති.
 
වැඩුණු සුදු මෝරු වසරකදී මිනිසුන් විශේෂයෙන්ම ධීවරයන් හෝ කිමිඳුම්කරුවන් දසදෙනකුට පමණ පහර දෙති.
 
ඔවුන්ගේ ආයු කාලය අවුරුදු 70ක් පමණ වෙයි.
 
ඔවුන්ගේ සුදු පැහැය හිරු එළිය සමඟ මුසුවන හෙයින් දිය යටදී ඔවුන් දැක ගැනීම අපහසුය.
 
ඔවුන්ගේ මුඛය තුළ දත් පේළි කිහිපයක් තිබේ. මුළු දත් සංඛ්‍යාව දහසක් පමණ වෙයි.
 
ඔවුන්ගේ ඉදිරි පෙළ දත් වැටුණු විට පසුපෙළේ තියුණු දත් ඉදිරියට තල්ලු වීමෙන් අඩුව සපිරෙයි.
 
සුදු මෝරුන් නිරීක්‍ෂණය කරනු පිණිස පර්යේෂකයන් කිහිපදෙනකු ලෝහමය කූඩුවක් තුළ දිය යටට ගිය අවස්ථාවක දැවැන්ත සුදු මෝරකු ඒ අවට ගැවසෙද්දී එක් පර්යේෂකයකු කූඩුවෙන් පිටතට පැමිණීමට එඩිතර වුණු දර්ශනයක් වීඩියෝවක දක්නට ලැබේ. හතළිස් අට හැවිරිදි ජර්මන් සංචාරක මයිකල් මේයර්ද “ඩීප් බ්ලු” ගැන සඳහන් කර ඇති අතර ගැහැනු සතකු වන එම සුදු මෝරා දැක ගැනීම සඳහා තමා විශේෂයෙන්ම මෙක්සිකෝවට ගිය බවත් එහිදී බොහෝ වේලාවක් මුහුද යට ගත කරන්නට තමන්ට සිදුවුණු බවත් ඔහු ලියා ඇත. හිටි හැටියේ ඇය තමන් අසලට පැමිණ අවට සැරිසැරූ බවත් කිසිදු කලබලයක් තැති ගැනීමක් නැතිව ඇය තමන් දෙස බලා සිටි බවත් මයිකල් සඳහන් කර ඇත.
 
“ඩීප් බ්ලූ” සුදු මෝරා මෙතෙක් තමන්ට දැක ගන්නට ලැබුණු විශාලතම මෝර දෙන යැයි ෆ්ලෝරිඩාහි ජාතික ඉතිහාස කෞතුකාගාරයේ “ෂාක් ඇටෑක් ෆයිල්” කාර්යාංශයේ විශ්‍රාමික අධ්‍යක්ෂ ජෝර්ජ් බර්ගස් විදෙස් පුවත් සේවයකට පැවැසීය. “ඩීප් බ්ලූ” මෝරාට ඒ නම තබන ලද්දේ “ඩිස්කවරි චැනල්” දෘශ්‍ය මාධ්‍යයේ කිමිඳුම්කරු මොරිෂියෝ හෝයෝස් පැඩිලා විසිනි.
 
ඒ “ෂාක්වීක්” නමැති වාර්තා වැඩසටහන සඳහා මොරිෂියෝ මෙම සුදු මෝරා සමඟ බොහෝ දුරක් පිහිනීමෙන් පසුවය.

(මව්බිම)


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top