Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
18
පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තයින්ගේ ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඔලුවිල්වලින් සොයා ගැනේ - Video

- පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තයින්ගේ ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඔලුවිල්වලින් සොයා ගැනේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,108 Views
පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදින්ගේ යැයි සැක කෙරෙන පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඔලුවිල් පාලමුනේ ප්‍රදේශයේ පාලු ඉඩමක සඟවා තිබියදි අද සොයා ගැණුනා.
 
ඒ, රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරක් මතයි.
 
රාජ්‍ය බුද්ධි සේවයේ අම්පාර කර්යාලයට ලද තොරතුරක් මත මෙලෙස සොදිසියට ලක්කර ඇත්තේ අක්කරෙයිපත්තු පාලමුනේ ප්‍රදේශයේ ඔලුවිල් වරායට පිවිසෙන මාර්ගය අසල ඇති පාලු ඉඩමක්.

එහිදි එම ඉඩමේ එළුවන්ට රැදි සිටිම සඳහා සකස් කර තිබු උස් කුඩුවක් යට සඟවා තිබියදි ටී.56 ගිනි අවියක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට රාජ්‍ය බුද්ධි අංශ සහ අම්පාර විශේෂ අපරාධ එකකයේ නිලධාරින් සමත් වුණා.
 
මෙම පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම සම්බන්ධයෙන් අද පැවති පොලිස් මාධ්‍ය සාකච්චාවේදිද අදහස් පළ වුණා.
 
රාජ්‍ය බුද්ධි සේවය නිලධාරීන් පැවසුවේ මෙම පුපුරණ ද්‍රව්‍ය සොයාගන්නා ලද ඉඩම පාස්කු ඉරුදින ප්‍රහාර එල්ල කළ ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ අම්පාර දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කළ කල්මුනේ සියාම් නැමැත්තෙකුගේ ආධාරකරුවකු වන සලිම් මොහොමඩ් හලිම් නැමැත්තෙකුට අයත් බවයි.
 
මෙම ඉඩමේ වලදමා තිබියදි මීට පෙරද සහරාන් හෂිම්ගේ දේශන ඇතුළත් සී.ඩී තැටි 3000ක් පමණ සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්වුණා.
 
මේ අතර පාස්කු ඉරුදින කොළඹ කිංස්බරි හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු වු අසාම් මොහොමඩ් මුබාරක් යන අයගේ හිස කොටස ඥාතීන් විසින් භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් බොරුල්ල පොදු සුසාන භූමියේ මිහිදන් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා තිඹිරිගස්යාය ප්‍රදේශිය ලේකම්වරයාට අද නියෝග කළා.
 
ඒ, බෝම්බ ප්‍රහාරකයාගේ හිස කොටස සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අවසන් බවට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා දැනුවත් කළ අවස්ථාවේයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top