Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
18
"මට රාජත් එක්ක ඉන්න වුණා, ටික වෙලාවකින් පියදාස මුදලාලිත් ආවා.." - අතිජාත මිත්‍රයාගේ අනියම් බිරිඳගේ පහස පැතූ පියදාස මුදලාලිට අත් වූ ඛේදජනක ඉරණම - Video

- "මට රාජත් එක්ක ඉන්න වුණා, ටික වෙලාවකින් පියදාස මුදලාලිත් ආවා.." - අතිජාත මිත්‍රයාගේ අනියම් බිරිඳගේ පහස පැතූ පියදාස මුදලාලිට අත් වූ ඛේදජනක ඉරණම - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25 Views
උඹ කොහොමහරි ණයට බඩු දීලා මගේ රාණිව රවට්ටගත්තා...
මට තේරුණා කවුරුහරි මගේ පස්සෙන් එනවා කියලා...
ගලක් අරන් උගේ මූණ පොඩි වෙනකන් ගැහුවා සර්..
 
සාක්ෂි නැමති හෝඩුවාවන් පස්සේ හඹායන ආරක්ෂක අංශ, අපරාධකරුවෙකු නීතියේ රැහැනට හසුකරගන්නේ සූක්ෂම බුද්ධිය භාවිතා කරමින්.
 
නමුත් අපරාධකරුවන් සාක්ෂි මකා දමා පැන යන්න තැත් කරනවා. කිසියම් හෝ මොහොතක අපරාධකරුගේ දුර්වලතාවයක් නිසා, ඔවුන් නීතියේ රැහැනට කොටු වනවා. එතෙක් ඔවුන් ආරක්ෂක අංශවලට වැලි ගසමින්, කට්ටි පනිමින් සිටිනවා.
 
සිරිපා වාරයේ වන්දනාකරුවන්ට පහසුකම් සැපයූ මිත්‍රයින් දෙදෙනෙකු අතර සිදුවූ ඇදහිය නොහැකි ඛේදවාචකයක්..
 
සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී 10.30ට හිරු ටීවී තුළින් ඔබේ ආලින්දයට එන "ඉව" නම් වූ කතා මාලාව මෙවන් අපරාධකරුවන් සොයා යන ක්‍රියාන්විතයක්.

ජිවිතයද වන්දනා ගමනක් යැයි සිතන විට විවිධ වන්දනාකරුවන් මෙන්ම වන්දනා නඩද අපිට මේ ජිවිතය තුළ හමුවෙනවා. එසේ මිත්‍රයන් ලෙස හමුවී වෙන්වී ගිය වන්දනාකරුවන් ඕනෑ තරම් ඉන්නවා.
 
සිරිපා වාරය එනතෙක් තම අතමිට සරු කරගැනීමට මඟ බලමින් සිටි මිත්‍රයින් දෙදෙනෙක් හැටන් ප්‍රදේශයට නුදුරින් වාසය කළා.
 
සිරිපා වාරයේදී අතමිට සරුවෙද්දි අවාරයේදී අතමිට හිඟ වෙද්දිත් මේ දෙදෙනා අතර මිත්‍රකම්වලට හානියක් සිදු වූයේ නැහැ. එක් අයෙක්.. පියදාස මුදලාලි වූ අතර අනෙක් මිත්‍රයා වූයේ රාජා මුදලාලි.
 
දෙදෙනා කුඩා කල සිටම මිත්‍රයින් නිසාම වෙළඳාම් කටයුතුවලිදිත් දෙදෙනා අතර සම්බන්ධකම් දැඩි වුණා. වෙළඳාම් ඉවර වෙලා හැටන් සීතල එක්ක ඔවුන් දෙදෙනා මධුවිත සප්පායම් වෙන එකත් පුරුද්දකට කරගෙන ගියා.
 
පියදාස මුදලාලි විවාහයෙක් වූ අතර ඔහුට ඔහුටත් වඩා උසමහත පුතෙක් සිටියා. විවාහ බිරිඳ ඔහු හැර ගියද පියදාස තම පුතාට හොඳින් උගන්වා උස් මහත් කරගත්තා.
 
රාජාද විවාහකයෙක් විවාහකයෙක් වූ අතර ඔහුගේ දියණිය සෙව්වන්දි නම් වුණා. පියදාසගේ පුතා සංඛ නම් වුණා.
 
රාජාගෙත් පියදාසගෙත් මිත්‍ර සම්බන්ධකම් නිසාමදෝ සංඛගේ සිත සෙව්වන්දි සොරකම් කරගෙන තිබුණා.
 
නමුත් මේ ප්‍රේම කතාව රාජා, පියදාස පමණක් නොව සියල්ලටම හොරෙන් ගලාගෙන ගියා. රාජාගේ බීමත්කම නිසාම රාජාගේ දියණිය නිතර කනස්සල්ලට පත් වුණා.
 
රාජා විවාහකයෙක් වුණත් කාටත් හොරා රාණි නම් කාන්තාවකට රහසේ ප්‍රේම කළා. රාණි පළමු කසාඳය අසාර්ථක වී මැදපෙරදිග රැකියාවට ගොස් ඇවිත් තනියම නිවසේ විසූ කාන්තාවක් වූ නිසාම රාජා ඇයට උදව් කරමින් ඇයට ළංවුණා. කාටත් රහසින් මත්පැන් පානය කළ සෑමදාම රාණි හමුවට ඔහු ගිය අතර ඇගේ ලිංගික පහස හැමදාම විඳගත්තා.
 
නමුත් මේ සියල්ල සිදුවූයේ තම මිත්‍රයා පියදාසට පමණක් නොව ගමටම හොරෙන්.
 
රාණි දිගින් දිගටම සියල්ලටම වසඟ කරමින් මෙම අනියම් සම්බන්ධය නඩත්තු කරන්නට පෙළඹුණා. රාජාගේ මෙන්ම රාණීගේ අනියම් සම්බන්ධය සංඛ හා සෙව්වන්දිගේ ප්‍රේම කතාවත් රහසින්ම ගලාගෙන ගියා.
 
රාණි බඩුබහරාදිය ගත්තේ පියදාසගේ කඩයෙන්. ඒ ණය සමහර වෙලාවට ගෙව්වේ රාජා විසිනුයි. මේ අතරතුර පියදාසත් කාටත් හොරා රාණි ගැන උනන්දු වන්නට පටන් ගත්තා.
 
මේ හැමදේම ඇසුරු සැණින් වෙනස් වන්නේ එක්තරා රාත්‍රීයක මත්පැන් සාදයක් අවසන් වී රාජාත් පියදාසත් ආපහු යන අතරතුරයි.
 
රාණිගේ අවශ්‍යතාවය තදින්ම දැණුනු රාජා පියදාස කැටුව එතනින් පිටත් වුණා.
 
රෑ කළුවරේ රාජාත් පියදාසත් වෙරිමතින් ඉදිරියට ඇදෙද්දි රාජාගේ අවශ්‍යතාවය තිබුණේ පියදාසව මඟහැර රාණිගේ නිවසට යාමයි. ඒ නිසාම රාජා, පියදාසව මඟ හැර කළුවරේම රාණිගේ නිවසට පැමිණියා. ඒ පියදාසට බොරු බේගල් කියමිනුයි.
 
ඒත් පියදාසගේ හිතේ නැගුණු යම් කුකුසක් නිසාම රාජා නැවත එනතුරු කළුවරට වී බලා සිටියා. වෙනදා මෙන් රාණි රාජාගේ උණුසුම රිසි සේ විඳගත්තා.
 
පියදාස සහතිකවම සිතුවේ රාජා රාණිගේ නිවසට ගිය බවයි. පියදාසට එසේ සිතන්නට තරම් සාධාරණ හේතු රාජා විසින්ම සපයා තිබුණා.
 
රාණිගේ ගෙදරට ගොස් ඇගේ පහස විඳ රාජා එනතුරු පියදාස බලා සිටියා. ඒ අතරතුර රාණිගේ පහස ලැබීමට පියදාසගේ හිතත් මෝදු වෙද්දි රාජා ඇගේ නිවසින් පිටව යන තෙක් ඔහු බලා සිටියා.
 
තම පහස විඳගත් රාජා නිවසින් පිටවෙන අයුරු හොරෙන් බලා සිටි පියදාස රාණිගේ නිවසට පැමිණියා. පියදාසගේ පැමිණිම රාණි තැති ගැන්වුවත් පියදාස මුදලාලිගෙන් ලැබෙන වරප්‍රසාද නිසාම ඔහුට හිස නවන්න ඇයට සිදු වුණා.
 
පසුදාට පහන් වෙද්දි කිසිවෙකු නොසිතූ දෙයක් සිදු වී තිබුණා. ගම්වැසියෙක් අහම්බෙන් දකිනවා, පියදාස මුදලාලිව තේ යාය හා පාර අද්දර ඝාතනය කර තිබෙන අයුරු.
 
ඒ සැණින් එම ස්ථානයට ආ හැටන් පොලිසිය ඝාතකයා සොයා රාජකාරි ආරම්භ කළා. මේ පරීක්ෂණ සඳහා නිල සුනඛ ජොනිව ද එක් කරගන්නවා.
 
පරීක්ෂණවලින් පසු ඝාතකයා පියදාස මුදලාලිගේ අතිජාත මිත්‍රයා රාජා බව පොලීසියට හොයාගන්න වැඩි කාලයක් ගතවෙන්නෙ නැහැ.
 
රාජා අත්අඩංගුවට ගැනීමෙන් පසු රාණිත් මේ කතාන්දරයේ තමාට හිමි කොටස කියන්නට පටන් ගත්තා.
 
"එදා රාජා හිටියේ හොඳටම බීලා. එයා මාව හොයාගෙන ආවා. මට එයා එක්ක ඉන්න වුණා. පස්සෙ රාජා අයියා ගියා. ටික වෙලාවකට පස්සෙ පියදාස මුදලාලිත් ආවා. මට එයත් එක්කත් ඉන්න වුණා සර්.."
 
තම මිත්‍රයා තමන්ට අයිති වස්තුවක් පැහැර ගත්තාට ඝාතනය කළ රාජා සිදුවූ සියල්ලම පොලීසියට පාපොච්චාරණය කළා.
 
"මම එහේ රාණි එක්ක ඉඳලා ආපහු එන්න හැරෙනකොට මට තේරුණා කවුරුහරි මගේ පස්සෙන් එනවා කියලා. මම බැලුවා සර් විපරම් කරලා ඒ කවුද කියලා. බලනකොට මගේ යාලුවා. මට හොරෙන්.... රාණිගේ ගෙදර යනවා.. මම දන් නෑ මගේ යාලුවා මටත් හොරෙන් රාණි එක්ක සම්බන්ධකමක් පවත්වනවා කියලා. පස්සෙ තමයි අපි දෙන්නා අතරේ බහින්බස් වීමක් ඇතිවුණේ. අපි හිටියේ අවසිහියෙන්. මට ආපු කේන්තියට මගේ අතේ තිබුණු පොල්ලෙන් මගේ යාලුවාගේ ඔලුවට ගැහුවා සර්.. ඒත් මගේ කේන්තිය නිවුන් නෑ සර්. ඊට පස්සෙ මම ගලක් අරන් මගේ යාළුවාගේ මූණ පොඩි වෙනකන් ගැහුවා සර්.."
 
ඉව ලුහුබඳින හෝරාව, මඟ හැර යන අපරාධකරුවන් ලුහුබැඳ එන හෝරාව!
 
මෙම ක්‍රියාන්විතයේ සම්පූර්ණ වීඩියෝව පහතින් බලන්න...


 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top