Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
18
"රුපියල් බිලියන දෙකක් ගෙවූයේ කොන්ත්‍රාත්කරුට විතරයි.." - නෙළුම් කුළුණෙන් අතුරුදහන් වූ බව කියන බිලියන දෙක ගැන විපක්ෂ නායක මහින්දගෙන් නිවේදනයක් - Video & Photos

- "රුපියල් බිලියන දෙකක් ගෙවූයේ කොන්ත්‍රාත්කරුට විතරයි.." - නෙළුම් කුළුණෙන් අතුරුදහන් වූ බව කියන බිලියන දෙක ගැන විපක්ෂ නායක මහින්දගෙන් නිවේදනයක් - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,505 Views
යහපාලකයින්ට පට්ටපල් බොරු නිර්මාණය කිරීමට ඇති හැකියාව මෙයින් පැහැදිලියි..
සියලුම ලිපි ලේඛන විදුලි සංදේශන නියාමන කොමිසම සතුව තිබෙනවා..

නෙළුම් කුලුන ඉදිකිරීමේදී රුපියල් බිලියන 2 ක මුදලක් අතුරුදන් වූ බවට ජනාධිපතිවරයා කළ චෝදනාව චීනයට කරන ලද මහා අපහාසයක් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

එම චෝදනාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණයක් අතළඟ තිබියදී මෙවැනි ව්‍යාපෘතියක් ඉදිකිරීමේ කීර්තිය තම පාර්ශ්වයට ලැබීම වැළැක්වීම සඳහා මෙම මඩ ප්‍රහාරය දියත් කළ බවයි.

නෙළුම් කුලුන ව්‍යාපෘතිය සදහා ගෙවීමි සිදුකළ 2012 වසරේ එය භාරව සිටි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සෘජුවම ජනාධිපතිවරයා ලෙස තමා යටතේ පැවති බැවින් අදාළ ගෙවීම් සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට පිළිතුරු ලබාදීම සඳහා මෙම නිවේදනය නිකුත් කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. 

එහි දැක්වෙන්නේ චීන ණය පහසුකම් යටතේ සිදුකරන ව්‍යාපෘති සඳහා කොන්ත්‍රාත්කරුවා නම් කෙරෙනුයේ චීන රජයෙන් වන බැවින් නෙළුම් කුලුන ව්‍යාපෘතිය සඳහා චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික්ස් කෝපර්ෂෙන් සහ ඒලීට් යන සමාගම් දෙක එක්ව සෑදූ හවුල් ව්‍යාපාරයක් නිර්දේශ කළ බවයි. 

ඒ අනුව ආයෝජනයෙන් 15% ක මුදලක් අත්තිකාරමක් ලෙස කොන්ත්‍රාත්කරුට ගෙවිය යුතුව තිබූ බැවින් 2012 වසරේ ඔක්තෝබර් 9 වන දින විදුලි සංදේශ නියාමන කොමිසම චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික්ස් සමාගම වෙත රුපියල් බිලියන 2 ක් යැවු බවට අදාළ ලියවිලිවලින් පැහැදිලි වන බව විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා. 

නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මුල් දින සිට අද දක්වා සියලු ගෙවීම් සිදුකර ඇත්තේ ප්‍රධාන කොන්ත්‍රාත්කරු වන චයිනා නැෂනල් ඉලෙක්ට්‍රොනික්ස් සමාගමේ ගිණුමට බවත් අනෙක් කොන්ත්‍රාත්කරු වූ ඒලීට් සමාගමට කිසිදු මුදලක් ගෙවා නොමැති බවත් අදාළ ලියවිලිවලින් තහවුරු කරගත හැකි බවයි.

නිර්දේශ වූ සමාගම් දෙකම 100% ක් චීන ආණ්ඩුවට අයත් මහා පරිමාණ සමාගම් බවත් එවැනි සමාගමක් රුපියල් බිලියන 2 ක් රැගෙන අතුරුදන්වූවායැයි පැවසීම චීනයට කරන ලද අපහාසයක් බව විපක්ෂ නායකවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

උපුටා ගැනීම.....

ඒ අපහාසය කළේ ද ලංකාවේ චීන තානාපතිවරයා ඉදිරිපිටදීමය. ජනාධිපතිවරණයක් අතළඟ තිබියදී අපට මඩ ගැසීම තේරුම් ගත හැකිය. නමුත් ඒ වෙනුවෙන්, අපේ රටට බෙහෙවින්ම උදවු උපකාර කළ චීනය වැනි මිත්‍රශීලී ලෝක බලවතෙකුට මේ ආකාරයට ප්‍රසිද්ධියේ අපහාස කිරීම අදහා ගැනීමටත් නොහැකි දෙයකි. 

ජනාධිපතිවරණයක් අතලඟ තිබියදී මෙවැනි ව්‍යාපෘතියක් ඉදිකිරීමේ කීර්තිය පොහොට්ටු පාර්ශවයට ලැබීම වැලැක්වීම සඳහා, සුබ මොහොතෙන් මේ ව්‍යාපෘතිය විවෘත කරන අවස්ථාවේදීම මේ රුපියල් බිලියන දෙකේ මඩ ප්‍රහාරය දියත් කළ බව මගේ විශ්වාසයයි. මෙතන සිදු වී ඇත්තේ අසල් වැසියගේ අලුත් වාහනයට, ඉරිසියාවට ගල් ගැහීමට නොවෙනස් දෙයකි. රත්තරන් අශ්වයින්, ලැම්බෝගිනි, ඩොලර් බිලියන 18 ක බැංකු ගිණුම් ඇතුලු වෙනත් චෝදනා රාශියක් අවුරුදු පහකට කළින් සිට අපි අසා තිබුණද, රුපියල් බිලියන දෙකක් අරගෙන අතුරුදහන් වූ චීන සමාගමක් ගැන අපි ඇහුවේ පළමු වතාවටය. 

උපුටා ගැනීම අවසන්....

නෙළුම් කුලුන සම්බන්ධයෙන් මේ වසරේ අප්‍රේල් මාසයේදී විගණකාධිපතිවරයා නිකුත් කළ විශේෂ වාර්තාවේ ද අතුරුදන්වූ චීන කොන්ත්‍රාත්කරුවෙක් ගැන කිසිදු සඳහනක් නොමැති බව පෙන්වා දෙන විපක්ෂ නායකවරයා වැරදි තොරතුරු ලබාදීම හේතුවෙන් සිදුකළ ප්‍රකාශයක් නම් අදාළ පාර්ශ්ව එය ඉක්මනින් නිවැරදි කරනු ඇති බවද බලාපොරොත්තු වෙනවා. 


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top