මහනුවර කොළඹ සුඛෝපභෝගී බස් රථයක හෙරොයින් පැකට් කිහිපයක් සිරුරේ සඟවාගෙන පැමිණි පුද්ගලයෙක් පොලිසිය විසින් පරීක්ෂා කිරීමට උත්සාහ කරද්දී සැකකරු ඊට බාධා වන ලෙස සිය කලිසමේම මලපහ කර ගෙන තිබෙනවා.
මාලිගාවත්ත ප්‍රදේශයෙන් හෙරොයින් ගෙන මහනුවර බලා ගමන් කරමින් සිටියදී කඩුගන්නාව ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් බස් රථය නවතා සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුගේ ඇදුම් පරීක්ෂා කළත් පොලිසියට හෙරොයින් සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා. මෙම සැකකරු සිරුර අභ්‍යන්තරයේ හෙරොයින් සඟවා ගෙන ඇති බවට පොලීසියට සැක සිතුණු නිසා පොලීසිය සැකකරු පරීක්ෂා කිරීමට යාමේදී එක්වරම සැකකරු පොලිස් නිලධාරීන්ට ඔහුව පරීක්ෂා කිරීමට නොහැකි වන ආකාරයට සිය කලිසමේම මලපහ කරගෙන තිබෙනවා.
කෙසේ වෙතත් පොලිස් නිලධාරීන් සැකකරුටම කියා මලපහ පරීක්ෂා කිරීමේදී හෙරොයින් පැකට් හතක් සොයා ගැනීමට පොලීසියට හැකි වී තිබෙනවා. පොලීසිය මෙම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ කියා ඔහු ඇත්තේ පොලීසියෙන් මගහැර යාමට තමා මෙසේ සිය ඇදුමේම මලපහ කළ බවයි.
සැකකරු මහනුවර තැපැල් කාර්යාලයේ අනියම් සේවකයෙක් ලෙස සේවය කරන බවයි වාර්තාවන්නේ.