Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
16
දහස් ගණන් ජනතාව සමඟ ආබාධිත රණවිරු ගැටළුව වෙනුවෙන් මහපාරට එනවා - අතුරලියේ රතන හිමි - Video

- දහස් ගණන් ජනතාව සමඟ ආබාධිත රණවිරු ගැටළුව වෙනුවෙන් මහපාරට එනවා - අතුරලියේ රතන හිමි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,547 Views
සිය වැටුප් ගැටලුවට විධිමත් පිළිතුරක් ලැබෙන තුරු කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සිදුකරනු ලබන සත්‍යග්‍රහය නතර නොකරන බව විශ්‍රාමික සහ ආබාධිත රණවිරුවන් පවසනවා.

06 වන දිනටත් සත්‍යග්‍රහය සිදුකෙරෙන අතරතුර සිය නියෝජිතයන් කිහිපදෙනෙකු සාකච්ජාවක් සඳහා අද ජනාධිපති ලේකම් කාර්යාලයට ගිය ද එහිදී සිය ගැටලුවට නිසි විසඳුම් නොලැබුනු බවයි රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති යූ.ඩී. වසන්ත ප්‍රකාශ කළේ.

අනතුරුව ඔවුන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ ආරක්ෂක අමාත්‍යාංශයේදී හමුව තිබෙනවා.
 

එහිදී ජීවිතාන්තය දක්වා සියලු වැටුප් හා දීමනා ලබාදීම පිළිබඳ කැබිනට් පත්‍රිකාව හෙට දිනයේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවට ආරක්ෂක ලේකම්වරයා පොරොන්දු වූ බවයි රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති යූ.ඩී. වසන්ත කියා සිටියේ.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් ඇතුලු තවත් භික්ෂූන් වහන්සේලා කිහිපනමක් රණවිරුවන් සත්‍යග්‍රහයේ නිරත වන ස්ථානයට පැමිණ සිටියා.

එමෙන්ම, සත්‍යග්‍රහයේ නිරත වන විශ්‍රාමික සහ අබාධිත රණවිරුවන් සහාය පලකිරීම සඳහා රාවණා බලය සංවිධානයේ කැදවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ද පැමිණ සිටියා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top