Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
16
අර්බුදය ගැන කතා කරන්න එජාපය අදත් රැස්වෙයි - Video

- අර්බුදය ගැන කතා කරන්න එජාපය අදත් රැස්වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,389 Views
ජනපති අපේක්ෂක අර්බුදය සම්බන්ධයෙන් සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී රැස්වුණා.

ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී ජනපති අපේක්ෂකයා සම්බන්ධයෙන් සාකච්ඡාවට බඳුන් වනු ඇති අතර, බොහෝදුරට අග්‍රාමාත්‍යවරයා එහි දී සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කරනු ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධානය අතර සාකච්ඡාවක් ද හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
 

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ අවසන් තීන්දුවක් ගැනෙන කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව ද ලබන සතියේ පැවැත්වීමට නියමිතයි.

එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන එම හමුවේදී දැනට යෝජනාවී ඇති නම් සියල්ල සළකා බැලීමෙන් අනතුරුව අපේක්ෂකයා නම් කරනු ඇති බවයි.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස කිරින්ද ප්‍රදේශයේ අද සහභාගි වූ උත්සවයකට එක්ව සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට කාන්තාවක් විසින් බිත්තර ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

පොලීසිය සදහන් කළේ අදාළ කාන්තාව පසුව අත්අඩංගුවට ගත් බවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top