Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
16
එක් අයෙකු මියගොස් දෙදෙනෙක් රෝහලට යැවූ හංවැල්ලේ වෙඩිතැබීමට හේතුව හෙළිවෙයි - Video

- එක් අයෙකු මියගොස් දෙදෙනෙක් රෝහලට යැවූ හංවැල්ලේ වෙඩිතැබීමට හේතුව හෙළිවෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,337 Views
කලක පටන් පැවති ගැටුමක ප්‍රතිපලයක්....
හංවැල්ල - ඇඹුල්ගම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් තවත් දෙදෙනෙක් තුවාල ලැබුවා.

පොලිසිය පැවසුවේ සංවිධනාත්මක අපරාධ කල්ලි දෙකක් අතර කලක පටන් පැවති ගැටුමක ප්‍රතිපලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හය දෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවා.

ලෝලෙවල් මාර්ගයේ ඇඹුල්ගම මංසන්ධියේදී මෝටර් රථයක් ඉලක්ක කරගනිමින් ඊයේ රාත්‍රී 9.15 ට පමණ මෙම වෙඩි තැබීම වාර්තා වුණා.

වෑන් රථයකින් පැමිණි පුද්ගලයින් පිරිසක් මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.

ඒ සමගම යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් මෝටර් රථයේ සිටි දෙදෙනාට තියුණු ආයුද වලින් පහර දී තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබුවේ මෝටර් රථයේ ගමන් කරමින් සිටි දෙදෙනෙක් සහ එම ස්ථානයේ ආහාර අලෙවි කිරීමේ ජංගම වෙළඳ සැලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක්.

තුවාල ලැබූවන් අතර සිටි මෝටර් රථයේ ඉදිරිපස අසුනේ ගමන් කරමින් සිටි පුද්ගලයා නවගමුව ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිටියා.

ඔහු රණාල ජල්තර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි සුරේෂ් රුවන්ත ගුණසිංහ බවට හඳුනාගෙන තිබෙනවා.

මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ ජල්තර ප්‍රදේශයේම පදිංචි 26 හැවිරිදි ඉඳුනිල් විජිත කුමාර හෝමාගම මූලික රෝහලට ඇතුලත් කෙරුණු අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු ජාතික රෝහලට මාරු කර යැවුණා.

වෙඩි ප්‍රහාරයට ලක්වූ ජංගම වෙලඳසැල් හිමියා අවිස්සාවේල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වුණේ මෝටර් රථය නතර කර ජංගම වෙළඳ සැලෙන් ආහාර මිලදී ගන්නා අවස්ථාවේ ඔවුන් වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.

මෝටර් රථය දෙසට වෙඩි ප්‍රහාර 10 ක් පමණ එල්ල වී තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top