Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
16
දකුණු ආසියාවේ උසම කුළුණ "නෙළුම් කුළුණ" ජනතා අයිතියට පත්කෙරෙයි - Video

- දකුණු ආසියාවේ උසම කුළුණ "නෙළුම් කුළුණ" ජනතා අයිතියට පත්කෙරෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,470 Views
දකුණු ආසියාවේ උසම කුලුන වන නෙළුම් කුලුන අද ජනතා අයිතියට පත් කෙරුණා.

ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

2012 වසරේ දෙසැම්බර් පළමුවන දින වැඩ ආරම්භ කෙරුණු මෙම කුළුණේ වැඩ අවසන් කිරීමට වසර හතකට ආසන්න කාලයක් ගතවුණා.

ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් 200 දෙනෙකුගෙ සහභාගීත්වයෙන් නිර්මාණය වූ නෙළුම් කුළුණ මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අති දැවැන්ත නිර්මාණයක් වන නිසාවෙන් මෙහි ඉදිකිරීම් කටයුතු සිදුවන අතරතුර විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණුවන්නන් රැසක් මෙහි පුහුණුව ලබා තිබෙනවා.

එමෙන්ම මෙරට ගොඩනැගිල්ලක ඇති වේගවත්ම සෝපාන ත්‍රිත්වය හිමිවන්නේද නෙළුම් කුළුණට වීම විශේෂත්වයක්.

එම සෝපාන තත්ත්පරයට මීටර් 7 ක වේගයෙන් තත්පර 35 කදී කුළුණ මුදුනේ ඇති නැරඹුම් වේදිකාව වෙත ගමන් කරනවා.

හෙට දිනයෙන් පසුව මෙරට රූපවාහිනී සහ ගුවන්විදුලි සම්ප්‍රේෂණ ක්ෂේත්‍රයට නෙළුම් කුළුනෙන් සිදුවන්නේ අති දැවැන්ත මෙහෙයක්. 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, කතානායක කරු ජයසූරිය ඇතුළු අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් නෙළුම් කුළුණ ජනසතු කිරීමේ උත්සවය ආරම්භ වුණේ පස්වරු 5 ට පමණ.

මෙම අවස්ථාව සනිටුහන් කිරීම සදහා සමරු මුද්දරයක් නිකුත් කිරීමද මෙහිදී සිදුකෙරුණා.

අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් කුළුණ ජනතා අයිතියට පත්කෙරුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top