කොටහේන - ආමර් බාබර් මංසන්ධිය සම්පූර්ණයෙන් ජලයෙන් යටවීම නිසා අධික රථවාහන තදබදයක් හටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළා.
මේ නිසා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.
මේ අතර පස් කන්දක් සහ ගස් කඩාවැටීමක් හේතුවෙන් නෝටන් බ්‍රිජ් සිට දියගල දක්වා ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනය අට්ලිස් ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා.
නෝටන් බ්‍රිජ් පොලීසිය සඳහන් කළේ මාර්ගයට කඩාවැටුණු ගස් කපා ඉවත් කිරීම සහ පස් කන්ද ඉවත් කිරීමේ කටයුතු පොලීසිය සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් විසින් මේ වනවිට සිදුකරමින් පවතින බවයි.