බීමතින් රිය පැදවීම ඇතුළු චෝදනා ගණනාවකට පොලිසිය විසින් තමන් අධිකරණයට ඉදිරිපත් කරනු ඇතැයි බියටපත් පුද්ගලයෙකු 13 දා වස පානය කොට දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ වටගල දේවහූව යන ලිපිනයේ පදිංචි රන්පිටි දේවගේ මුණිදාස නමැති පනස්හතර හැවිරිදි දෙදරු පියෙකි.
මෙම මරණය පිළිබඳ හදිසි මරණ පරීක්‍ෂණය පෙරේදා 14 දා දඹුල්ල නාගරික හදිසි මරණ පරීක්‍ෂක ඞී. ඩබ්ලිව්. ජේ. බණ්ඩාර මහතා ඉදිරියේ දඹුල්ල මූලික රෝහලේදී පැවති අතර එහිදී සාක්‍ෂි ලබාදුන් මියගිය තැනැත්තාගේ බිරිඳ වන වත්තේ දුරයලාගෙදර චන්ද්‍රා හේමලතා නමැත්තිය (53* මෙසේ පැවසුවාය.
මගේ සැමියා හැමදාම වගේ මත්පැන් බොනවා. සමහර විට ගෙදර ආරවුල් ඇති කර ගන්නවා. දැන් සති දෙකකට විතර උඩදී එයා ගෙදර තිබුණු වී ගෝනිත් විකුණගෙන අරක්කු බොන්න යන නිසා මම පොලිසි හදිසි ඇමතුම් ඒකකයට (119* කතා කරලා මේ ගැන කිව්වා. ඒකට පොලිසියෙන් අපේ ගෙදරට එනකොට මගේ සැමියා ගෙදර හිිටියේ නැහැ. ඒ නිසා පොලිසියේ අය ආපහු යන්න යද්දී ගෙදර කිට්ටුවෙන්ම මගේ සැමියා මත්පැන් බීලා මෝටර් සයිකලේ පදවගෙන එනකොට පොලිසියෙන් එයා අරගෙන ගිහින් තිබුණා. පොලිසියේ ඉඳලා උදේ ගෙදර ආවා. ඊට පහුවදා අපි දෙන්නම ගිහින් මම දාපු පැමිණිල්ල අස්කර ගත්තා. නමුත් එයාට බීලා මෝටර් සයිකල් පැද්දාට රථ වාහන නඩුවක් දාලා තියෙනවා කියලා බයවෙලා හිටියේ. ඒ නිසා ඔහු දිවි නසා ගන්න ඇති.