Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
15
"මොකද්ද සර් මේකේ යුක්තිය? ග්‍රාමසේවක නෝනා කියනවා අපිව එළියට දානවලු..." - මුල්ගල් තැබීමකට ගිය මන්ත්‍රී විජේපාලට ජනතාවගෙන් විරෝධය එල්ල වූ හැටි - Video

- "මොකද්ද සර් මේකේ යුක්තිය? ග්‍රාමසේවක නෝනා කියනවා අපිව එළියට දානවලු..." - මුල්ගල් තැබීමකට ගිය මන්ත්‍රී විජේපාලට ජනතාවගෙන් විරෝධය එල්ල වූ හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,137 Views
දැනුම් දීමක් නැතුව අපේ ගමට ඇවිල්ලා මෙහෙම කරනවා..
මෙච්චර කාලෙකට පිට පාරක යන්න බැහැ බලන්න..
 
අක්මීමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිල සෙවන කාර්යාලය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතාගේ පැමිණීමත් සමඟ ඊට ප්‍රදේශවාසීන් පිරිසකගේ විරෝධය එල්ල වුණා.
 
රුපියල් ලක්ෂ 22 ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඉහළගොඩ, නැගෙනහිර ග්‍රාමසේවා වසම තුළ අදාළ කාර්යාලයට මුල්ගල තැබීම අද සිදුකිරීමට නියමිතව තිබුණා.

මන්ත්‍රීවරයාගේ පැමිණීමට පෙර සිටම ප්‍රදේශවාසීන් එම ස්ථානයේ ගොඩනැගිල්ලක් ඉදි කිරීමට සිය විරෝධය පළ කළේ මෙලෙසයි.
 
මන්ත්‍රීවරයාගේ පැමිණීමෙන් පසු පුද්ගලයෙකු මුල්ගල තැබීමට නියමිත ස්ථානයේ අසුන්ගෙන තම විරෝධතාවය පළ කළා.
 
විරෝධතාකරුවන් පැවසුවේ අදාළ ස්ථානයේ සිදුකිරීමට නියමිත ගොඩනැගිල්ල පිළිබඳව බලධාරීන් ප්‍රදේශවාසීන්ව නිසි පරිදි දැනුවත් කළ යුතු බවයි.
 
නමුත් ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරිතුමියද ඒ පිළිබඳව තමන් සමඟ සාකච්ඡා නොකළ බවට විරෝධතාකරුවන් චෝදනා කළා.
 
ප්‍රදේශවාසීන්ගේ විරෝධය හමුවේ අදාළ ස්ථානයේ නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම සිදුවූයේ නැහැ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top