Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
15
මිනිසුන්ගේ යුද්ධ වෙනුවෙන් සතුන් දායක කරගත් හැටි - Photos

- මිනිසුන්ගේ යුද්ධ වෙනුවෙන් සතුන් දායක කරගත් හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,809 Views
වර්ෂ 1947-1991 අතර කාලය තුල සෝවියට් සමූහාණ්ඩුව සම්බන්ධයෙන් ඔත්තු බැලීමට CIA සංවිධානය විවිධ සතුන් භාවිතා කල ආකාරය විස්තර කෙරෙන රහස්‍ය වාර්තා ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

මේ කාලය තුල සෝවියට් දේශයේ උපායාත්මක අතින් වැදගත් ස්ථාන ඡායාරූප ගතකිරීම සඳහා පරෙවියන් පුහුණු කල ආකාරය පිළිබඳව අදාල වාර්තා වල සඳහන් වනවා. තොරතුරු රැස් කිරීම සඳහා කපුටන් යොදාගෙන සන්නිවේදන උපකරණ ස්ථානගත කල ආකාරය සහ දිය යට මෙහෙයුම් සඳහා ඩොල්ෆින් මත්ස්‍යයන් පුහුණු කළ ආකාරය පිළිබඳවත් තොරතුරු මේ රහස්‍ය වාර්තා වල ඇතුලත් වන බව දැන ගන්නට ලැබෙනවා.

පරෙවියන්ගේ ශරීරයට සවි කල හැකි ස්වංක්‍රීය කැමරා ඔස්සේ තොරතුරු රැස් කිරීම දෙවන ලෝක යුධ සමයේ බ්‍රිතාන්‍ය විසින්ද සිදු කර ඇතැයි මේ වන විට අනාවරණය වී තිබෙනවා. 

ඕනෑම තැනක සිට ආපසු තමන් ගේ වාසස්ථානය වෙත පැමිණීමට පරෙවියන් දක්වන දක්ෂතාවය මෙම රහස් කටයුතු සඳහා පරෙවියන් යොදා ගන්නට ප්‍රධාන හේතුව ලෙස සලකන්නට පුළුවන්.

දෙවන ලෝක යුද්ධයේ දී බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවය පරෙවියන් සම්බන්ධ වෙනම අංශයක් පවත්වාගෙන ගොස් ඇති අතර යුරෝපය පුරා යැවුනු පරෙවියන් මාර්ගයෙන් ජර්මානු රේඩාර් පද්ධති සහ මිසයිල දියත් කරන මධ්‍යස්ථාන ගැන තොරතුරු ලබා ගත් බවට සාක්ෂි හමු වී තිබෙනවා. 
ඇතුල් වීමට නොහැකි ගොඩනැගිලි වල තොරතුරු ලබා ගැනීමට කපුටන් භාවිතා කරමින් විවිධ උපකරණ යොදවා තිබෙනවා. සංඥා එළි යොදා ගනිමින් කපුටන් හැසිරවූ ආකාරයද මෙම වාර්තා වල දැක්වෙනවා. 

මීට අමතරව තවමත් ප්‍රසිද්ධියට පත් නොකල වාර්තා වල සෝවියට් හමුදාවේ රසායනික අවි භාවිතය ගැන සොයා බැලීමට දුරස්ථව සුනඛයන් මෙහෙයවූ ආකාරය ගැනත්, බළලුන් ගේ ශරීර තුළට ශ්‍රවණ උපකරණ ඇතුලත් කිරීම සහ වරාය වලට ඇතුල් වීමට ඩොල්ෆින් මත්ස්‍යය පුහුණු කල ආකාරයද මෙම වාර්තා වල විස්තර කර ඇති බව විදෙස් පුවත් මූලාශ්‍ර වාර්තා කරනවා.

"මව්බිම"

සතුන් යුද ක්‍රියාකාරකම්වල යෙදුණු අවස්ථාවල ඡායාරූප පහතින්.....




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top