Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
15
ඇමරිකාව සමඟ සාකච්ඡා බිඳවැටුණු පසු තලේබාන්වරු රුසියාවට යයි

- ඇමරිකාව සමඟ සාකච්ඡා බිඳවැටුණු පසු තලේබාන්වරු රුසියාවට යයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,435 Views
ඇමරිකාව සමඟ සාකච්ඡා බිඳ වැටීමෙන් පසු ඇෆ්ගනිස්ථාන තලේබාන් සංවිධානයේ ඉහළපෙලේ නියෝජිත පිරිසක් මොස්කව් නුවරට පැමිණි බව රුසියානු විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඇෆ්ගනිස්ථානය සඳහා ජනපති පූටින් පත්කළ විශේෂ නියෝජිත සමීර් කුබුලොෆ් සමඟ ඔවුන් මොස්කව් නුවරදී සාකච්ඡා පැවැත් වූ බවයි එමඟින් ප්‍රකාශ කළේ.

මෙහිදී රුසියානු නියෝජිතයා පෙන්වා දී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය සමඟ සාකච්ඡා යළි ආරම්භ කිරීම වැදගත් වන බවයි.

ඒ සඳහා තමන්ට කටයුතු කළ හැකි බව තලේබාන් නියෝජිතයන් ප්‍රකාශ කර තිබෙනවා.

සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු මීට වසර 18 කට පෙර ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු මෙහෙයුම් ඇරඹුණු අතර, ඇමරිකානු සෙබළුන් 18,000 ක් පමණ තවදුරටත් එහි රැඳී සිටිනවා.

ප්‍රහාරයක් මුල්කරගනිමින් ජනපති ට්‍රම්ප්, තලේබාන් සංවිධානය සමඟ සාකච්ඡා අත්හිටුවනු ලැබූයේ සැප්තැම්බර් 11 ප්‍රහාරයේ අනුස්මරණයට ආසන්නයේදීයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top