Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
14
"මගේ තාත්තත් පොලිස් නිලධාරියෙක්, මම දන්නවා ඒ අය කරපු කැප කිරීම" ආබාධිත රණවිරුවන්ගේ උපවාසයට පැමිණි ටී.එම් දිල්ෂාන් කියන කතාව - Video

- "මගේ තාත්තත් පොලිස් නිලධාරියෙක්, මම දන්නවා ඒ අය කරපු කැප කිරීම" ආබාධිත රණවිරුවන්ගේ උපවාසයට පැමිණි ටී.එම් දිල්ෂාන් කියන කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,718 Views
රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය නියෝජනය කරන විශ්‍රාමික ආබාධිත රණවිරුවන් පිරිසක් සිය වැටුප් ගැටළුවට විසඳුම් ඉල්ලා කොළඹ - කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ආරම්භ කළ සත්‍යග්‍රහය මේ වනවිට සිව්වන දිනටත් ක්‍රියාත්මකයි.

සත්‍යග්‍රහයට විවිධ අවස්ථාවල වර්ෂාවෙන් බාධා එල්ලවුවද ආබාධිත රණවිරුවන් සිය ගැටලූවලට විසඳුම් ලැබෙනතුරු එම ස්ථානයෙන් ඉවත් නොවන බවට ප්‍රකාශ කළා.

අද එම ස්ථානයට පැමිණි විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමෙන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පණිවුඩයක් ද ආබාධිත රණවිරුවන්ට ලබාදුන්නා.

දින කිහිපයක් පුරා වර්ෂාවෙන් පීඩා විඳින ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසීමට අද පැමිණි සිංහලේ සංවිධානයේ නියෝජිතයන් ඇතුලූ පිරිසක් රණවිරුවන් වෙනුවෙන් වැසි ආවරණයක් ඉදිකරනු ලැබුවා.

මේ අතර මෙම සත්‍යග්‍රහය අතරතුර දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණීමත් සමඟ ආබාධිත රණවිරුවන් සහ ඔවුන් අතර ඇතිවූයේ උණුසුම් කථාබහක්.

එසේම සත්‍යග්‍රහයේ නිරත ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත ඇතුලූ පිරිසක්ද එම ස්ථානයට පැමිණියා.

සත්‍යග්‍රහයේ නිරත ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් විමසීමට හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ද අද එක්වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top