ශ්‍රී ලංකාව සමග සැලසුම් කර ඇති ක්‍රිකට් තරගාවලිය සැලසුම් කළ පරිදිම පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇතැයි පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති එශ්ෂාන් මනි විශ්වාසය පළ කරනවා.
ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සමග සිදුකරන සාකච්ඡා සාර්ථක බවයි.
එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම මෙම සංචාරයට එක් නොවීමට තීරණයක් ගනු ඇතැයි තමා විශ්වාස නොකරන බව ද පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරයා සඳහන් කළා.
තරගාවලියට නොපැමිණෙන බවට ප්‍රකාශයක් ද මෙතෙක් ශ්‍රී ලංකාව සිදුකර නොමැති බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.
ශ්‍රී ලංකාව පකිස්ථාන තරග සංචාරයේදී එක්දින තරග 3කට සහ 20යි 20 තරගයකට සහභාගී වීමට සැලසුම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පකිස්ථාන තරග සංචාරයේදී එල්ලවිය හැකි ත්‍රස්ත ප්‍රහාරයක් පිළිබඳ මෙරට අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත අනතුරු ඇඟවීමක් සිදුකර තිබුනා.
ඒ අනුවයි ආරක්ෂාව සම්බන්ධයෙන් පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර තවදුරටත් සාකච්ඡා සිදුවෙමින් පවතින්නේ.
කෙසේවෙතත් පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩල සභාපතිවරයා විශ්වාසය පළ කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම තම රටට පැමිණ මෙම තරගාවලියට සහභාගී වනු ඇති බවටයි.
දෙරට අතර පළමු එක්දින තරගය ලබන 27වනදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.