Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
14
ප්‍රසිද්ධ නළුවෙකු ලෙස පෙනී සිටිමින්, තරුණියන්ගේ හා පාසල් සිසුවියන්ගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන කප්පම් ඉල්ලූ 23 හැවිරිදි තරුණයා වැඩ වරද්දා ගනී

- ප්‍රසිද්ධ නළුවෙකු ලෙස පෙනී සිටිමින්, තරුණියන්ගේ හා පාසල් සිසුවියන්ගේ නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන කප්පම් ඉල්ලූ 23 හැවිරිදි තරුණයා වැඩ වරද්දා ගනීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,255 Views
නිරුවත් ඡායාරූප 7000 කට අධික ප්‍රමාණයක් හමුවෙලා..
සිරුරේ රහස් පෙදෙස් ආශ්‍රිතව වීඩියෝ දර්ශනත් එවන්න කියලා..
කප්පම් මුදල රුපියල් 50,000 යි..
 
මුහුණ පොත හරහා ප්‍රසිද්ධ නළුවෙක් ලෙසට පෙනී සිටිමින් අලූතින් නිෂ්පාදනය කරන චිත්‍රපට සඳහා වයස අවුරුදු 17 ත් 30 ත් අතර කාන්තාවන් බඳවා ගන්නා බවට දැන්වීම් පළ කොට ඔවුන්ගේ ඡායාරූප සමඟ නිරුවත් ඡායාරූප ගෙන්වාගෙන ඔවුන් බියකර කප්පම් ගැනීමට තැත් කළ බව කියන 23 හැවිරිදි තරුණයකු කිරිබත්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
එම තරුණයාගේ ජංගම දුරකථනයේ තරුණියන්ගේ, කාන්තාවන්ගේ හා පාසල් සිසුවියන්ගේ ඡායාරූප ඇතුළු ඔවුන්ගේ නිරුවත් ඡායාරූප 7000 කට අධික ප්‍රමාණයක් තිබී ඇති බවයි වාර්තා වන්නේ.

එම දැන්වීම් ප්‍රචාරවලට රටේ විවිධ ප්‍රදේශවල කාන්තාවන් විශාල පිරිසක් ප්‍රතිචාර දක්වා තිබෙනවා.
 
මෙය සිදුකර තිබෙන්නේ ජංගම දුරකථන කෙටි පණිවුඩ ඔස්සේ බව ද සඳහන්.
 
කිරිබත්ගොඩ පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව සිදුකරනු ලැබූ විමර්ශනයකින් පසුව මෙය හෙළිකර ගැනීමට හැකි වී තිබෙනවා.
 
මුහුණපොත හරහා එම දැන්වීමට ප්‍රතිචාරය දක්වන කාන්තාවන්ට පළමුවෙන්ම නම, වයස, ගම හා පාසල විස්තර කෙටි පණිවුඩ මගින් (එස්. එම්. එස්.) එවන ලෙසට දන්වා ඒවා එවූ පසුව සැකකරු විසින් චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු කියා පුද්ගලයකු හඳුන්වාදී එම අධ්‍යක්‍ෂවරයාගේ දුරකථන අංකය කියා ජංගම දුරකථන අංකයක් ලබාදී තිබෙනවා.
 
එයට වට්ස් ඇප් හරහා පළමුව සාමාන්‍ය ඡායාරූප 10 ක් ගෙන්වාගෙන දෙවනුව ‘හොට්’ ඡායාරූප 10 ක් ද ගෙන්වාගෙන තෙවැනුව ‘බිකිනි’ ඡායාරූප 25 ක් ද ගෙන්වාගෙන පසුව සිරුරේ රහස් පෙදෙස් ආශ්‍රිතව වීඩියෝ දර්ශන ද එවන ලෙසට දන්වා ගෙන්වාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
 
පසුව එම ඡායාරූප සකස් කරන්නට ලක්‍ෂ 1 1/2 ක පමණ මුදලක් වැය වී තිබෙන බව පවසා රුපියල් පනස් දහසක් එවන ලෙසට එම කාන්තාවන්ට දන්වා තිබෙනවා.
 
මෙවැනි මුදලක් දෙන්නට ළඟ නැති බවට කාන්තාවන් කී විට මුදල් දීමට නොහැකි නම් තනියම ඇවිත් තමා හමු වී මොනවා හරි දෙයක් දෙන්න, නැතිනම් එම ඡායාරූප තාත්තාට හා පවුලේ අයට පෙන්වනවා කියා මොහු තර්ජනය කර ඇතැයි පැවසෙනවා.
 
එම දැන්වීම් ප්‍රචාරයට වයස අවුරුදු 13, 14 හා 15 යන වියේ පාසල් ළමුන් ද මුළා වී තිබෙනවා.
 
එම සැකකරු කඩවත ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අවිවාහක තරුණයකු වන අතර ඔහු පුද්ගලික ආයතනයක රැකියාවක නිරත වනවා.
 
මේ සැකකරු මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
 
දිවයින
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top