Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
13
හිත් පිත් නැති පාපතරයෙකු විසින් සුනඛ පැටවුන් දෙදෙනෙකුට අමානුෂිකව පහරදී ඝාතනය කළ හැටි CCTV කැමරාවක සටහන් වෙයි - Video

- හිත් පිත් නැති පාපතරයෙකු විසින් සුනඛ පැටවුන් දෙදෙනෙකුට අමානුෂිකව පහරදී ඝාතනය කළ හැටි CCTV කැමරාවක සටහන් වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,420 Views
පැටවුන් අතර සිටි එක් සුනඛයෙකු බේරී පලා ගිහින්..
මියගිය සුනඛ පැටවුන් වෙනුවෙන් ප්‍රදේශවාසීන් කළ දේ..
 
සතුන්ට ආදරය කරුණාව දැක්වීම උතුම් වූ මිනිස් ගුණයක්.
 
එම ගුණයට නිගාදෙන සිදුවීමක් අපට කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයෙන් වාර්තා වුණා.
 
ඒ කිසියම් පුද්ගලයෙකු විසින් සුනඛ පැටවුන් දෙදෙනෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක්.

හිමිකරුවෙකු නොමැති සුනඛ මවක් සහ පැටවුන් 6 දෙනෙකු මාලිගාවත්ත හිඩ්‍රා පෙදෙස ආසන්නයේ මීට මාස 4ක පමණ සිට ජීවත්ව තිබුණේ ප්‍රදේශවාසීන් ලබා දෙන ආහාර පානවලින් කුස පුරවා ගනිමින්.
 
එම පැටවුන්ගෙන් තිදෙනෙකු විවිධ පිරිස් රැගෙන ගොස් ඇති අතර ප්‍රදේශවාසීන් ඉතිරි වූ පැටවුන් නිවාස සංකීර්ණය ආසන්නයේ කූඩුවක රඳවා තිබුණා.
 
පෙරේදා අලුයම එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු කූඩුවෙන් සුනඛයින් ඉවතට ගෙන ඔවුන්ට පහර දී ඝාතනය කර තිබෙනවා.
 
සිද්ධියට අදාළ දර්ශන ඒ ආසන්නයේ වූ නිවසක සවි කර තිබූ ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණා.
 
පහර දීම සිදුවන අවස්ථාවේදී කූඩුව තුළ පැටවුන් තිදෙනෙකු සිට ඇති අතර ඉන් එක් පැටවකු බේරී පළාගොස් තිබෙනවා.
 
තුවාල ලැබූ පැටවා මේ වනවිට ප්‍රදේශවාසීන්ගේ රැකවරණය යටතේ සිටිනවා.
 
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් මාලිගාවත්ත පොලිසියට පැමිණිල්ලක්ද කර තිබෙනවා.
 
පසුගිය මාස කිහිපයකදීම දිවයිනේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින්ම සුනඛයින් ඝාතනය කිරීමේ සිද්ධීන් වාර්තා වුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top