Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
13
"මේ ඉන්නෙ රණවිරුවෝ, මට මේ දේ වුණානම් මමත් මෙතන..." - වැසි නොතකා 3වන දිනයටත් පැවැති ආබාධිත රණවිරුවන්ගේ සත්‍යග්‍රහයට පැමිණි නාවික හමුදා සෙබළියක් සංවේදී වූ හැටි - Video

- "මේ ඉන්නෙ රණවිරුවෝ, මට මේ දේ වුණානම් මමත් මෙතන..." - වැසි නොතකා 3වන දිනයටත් පැවැති ආබාධිත රණවිරුවන්ගේ සත්‍යග්‍රහයට පැමිණි නාවික හමුදා සෙබළියක් සංවේදී වූ හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,488 Views
ඇත්තටම මට පන්සලට යන්න හිතුණේ නෑ...
මේක හරිද වැරදිද කියන්න මම දන්නේ නෑ...
ඔවුන්ට යමක් කරන්න, අපි යමක් කරමු..
 
මියගිය සහ ආබාධිත රණවිරුවන් වෙනුවෙන් දිවි ඇති තෙක් වැටුප් ඉල්ලා විශ්‍රාමික ආබාධිත රණවිරුවන් නිරත වන සත්‍යග්‍රහය අද තුන්වන දිනටත් කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී පැවැත්වුණා.
 
ඒ ඇදහැළුණු වර්ෂාවද නොතකමින්.
 
මේ අතර සමස්ත ලංකා දිවි පිදූ සහ ආබාධිත රණවිරු එකමුතුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම සත්‍යග්‍රහය සම්බන්ධයෙන් සිය විරෝධය පළ කළා.

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය නියෝජනය කරන විශ්‍රාමික ආබාධිත රණවරුවන් සිය වැටුප් ගැටලුවට විසඳුම් ඉල්ලා මෙම සත්‍යග්‍රහය ආරම්භ කළේ පසුගිය 11 වැනිදායි.
 
දින 3 ක් පුරා දිවා රාත්‍රී ආබාධිත රණවිරුවන් මෙලෙස රැඳී සිටියේ ඇදහැලෙන වර්ෂාවද නොතකමින්.
 
රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය ක්‍රියාත්මක කරන මෙම සත්‍යග්‍රහය සම්බන්ධයෙන් සමස්ත ලංකා දිවි පිදූ සහ ආබාධිත රණවිරු එකමුතුව අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සිය විරෝධය පළ කළා.
 
මෙම මාධ්‍ය හමුව සම්බන්ධයෙන් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය ප්‍රතිචාර දක්වා සිටියා.
 
විශ්‍රාමික ආබාධිත රණවිරුවන්ගේ සත්‍යග්‍රහය පැවැත්වෙන කොටුව දුම්රිය පොළ පරිශ්‍රයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද පස්වරුවේ පැමිණියා.
 
මේ අතර නාරාහේන්පිට ශ්‍රී අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ද එම ස්ථානයට වැඩම කර සත්‍යග්‍රහයේ නිරත රණවිරුවන්ට සෙත් පිරිත් සජ්ඤායනා කර ආශීර්වාද කළා.
 
මේ අතර දින 3 න් පුරා පැවැත්වෙන ආබාධිත රණවිරුවන්ගේ සත්‍යග්‍රහය සම්බන්ධයෙන් එම ස්ථානයට පැමිණි හිටපු නාවික හමුදා සෙබළියක්ද මෙලෙස සංවේදී වුණා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top