Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
13
කන්ජිපානිට දුරකථන අරන් ගිය පියා ඇතුළු 6 දෙනාට අධිකරණයෙන් දුන් නියෝගය මෙන්න - Video

- කන්ජිපානිට දුරකථන අරන් ගිය පියා ඇතුළු 6 දෙනාට අධිකරණයෙන් දුන් නියෝගය මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,243 Views
කන්ජිපානි ඉම්රාන්ගේ පියා, සොහොයුරා ඇතුළු හයදෙනා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.
 
අත්අඩංගුවට ගත් බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඞ් නජීම් මොහොමඞ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන්ට ලබාදීම සඳහා ජංගම දුරකතන දෙකක් සහ චාජර් දෙකක් රැගෙන යාමට උත්සහ ගැනීමේදී ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඊයේට යෙදුණු සිරකරු දින සැමරුම වෙනුවෙන් බන්ධනාගාරගතව සිටින රැඳවියන්ගේ පවුල්වල සාමාජිකයන්ට ඔවුන් මුණ ගැසීමට අවස්ථාව ලබාදී තිබූ අතර, ඒ අනුව කංජිපානි ඉම්රාන්ගේ පියා, සොහොයුරා සහ ඥාතීන් 04 දෙනෙකු එහි පැමිණ තිබුණා.
 
ඔවුන් කංජිපානි ඉම්රාන්ට රැගෙන ආ ආහාර බඳුනේ රහස් කූටීරයක මෙම දුරකතන සහ චාජර් සඟවා තිබූ බව සඳහන්.
 
මේ අතර, අකුරැස්ස - තිබ්බටුවාව ප්‍රදේශයේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකුට වෙඩි තැබීම සහ පානදුර - උතුර පොලිස් ස්ථානයේ ටී - 56 වර්ගයේ ගිනි අවි දෙකක් සොරකම් කිරිමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
 
ඒ සැකකරුවන් ඊයේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top