Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
13
ඉගැන්වීම් කාලයේ නිදහසට බාධා එල්ල කිරීම ඇතුළු ගැටළු කිහිපයක් හේතුවෙන් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වර්ජනයකට සැරසෙයි

- ඉගැන්වීම් කාලයේ නිදහසට බාධා එල්ල කිරීම ඇතුළු ගැටළු කිහිපයක් හේතුවෙන් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වර්ජනයකට සැරසෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,121 Views
වැටුප් විෂමතා සහ ඉගැන්වීම් කාලයේ නිදහසට බාධා එල්ල කිරීම ඇතුළු ගැටළු කිහිපයක් මුල්කරගනිමින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ලබන 26 සහ 27 දිනයන් හි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබෙනවා.

ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සංගම් 30 ක් මෙම සංකේත වර්ජනයට එක්ව බවයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියේ.

මේ අතර, විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති එකමුතුව ආරම්භ කළ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 04 ක් ගත වනවා.

ඔවුන් එය ආරම්භ කළේ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින්.

එම වෘත්තීය සමිති එකමුතුව පවසන්නේ බලධාරීන් අවධානය යොමු නොකරන්නේ නම් තවදුරටත් අඛණ්ඩව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි.

එමෙන්ම, සිය වැටුප් ගැටළුවලට විසඳුම් ලබානොදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට සහ සියළු තානාපති කාර්යාල වෙත කරුණු දක්වා ලිපි භාරදීමට කටයුතු කරන බව විරෝධතාවයේ නිරත ආබාධිත සහ විශ්‍රාමික රණවිරුවන් පවසනවා.

ඔවුන් මේ වනවිට කොළඹ - කොටුව දුම්රියපල ඉදිරිපිට තවදුරටත් විරෝධතාවයේ නිරත වන්නේ සිය ඉල්ලීම් පිළිබඳ රජයේ අවධානය යොමු නොවීම හේතුවෙන්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top