Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
13
ගජධීරගේ හිස් වූ පුරප්පාඩුවට මනෝජ් සිරිසේන නම් කරයි

- ගජධීරගේ හිස් වූ පුරප්පාඩුවට මනෝජ් සිරිසේන නම් කරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,015 Views
හිටපු අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර අභාවප්‍රාප්ත වීමෙන් පුරප්පාඩු වූ මාතර දිස්ත්‍රික් නිදහස් සන්ධාන මන්ත්‍රී ධූරයට දකුණු පළාත් සභා මන්ත්‍රී මනෝජ් සිරිසේනගේ නම, මැතිවරණ කොමිෂන් සභාව වෙත යවා තිබෙනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මාතර තේරීම් භාර නිලධාරීවරයා විසින් ඊයේ පෙරවරුවේ අදාළ නම කොමිසම වෙත යොමුකළ බවයි.

ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය අද දිනයේ නිකුත් කිරීමට නියමිතයි.

මේ අතර, ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා තරඟ කරන බවට නම් ලබාදුන් දේශපාලන පක්ෂවල මහ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර හමුවක් ලබන අඟහරුවාදා පැවැත්වෙනවා.

එදින පෙරවරු 10.30 ට ආරම්භ වන මෙම සාකච්ඡාවට දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට අමතරව නිත්‍ය නියෝජිතයින්ද කැඳවා ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එමෙන්ම, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සහ රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගා කල්පනි ලියනගේ අතර හමුවක් ද ඊයේ සිදුවුණා.

එහිදී ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සහ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා  වී ඇති අතර, ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇතුළු ඡන්ද විමසීමට අදාළ මුද්‍රණ කටයුතු පිළිබඳවද අදහස් හුවමාරු වී තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top