Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
13
ලොරියේ හැපී තාත්තා මරුට - දුව රෝහලේ

- ලොරියේ හැපී තාත්තා මරුට - දුව රෝහලේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,659 Views
මීගමුව පමුණුගම ප්‍රධාන මාර්ගයේ ධාවනය කළ ලොරියක ගැටීමෙන් යතුරු පැදියකින් ගමන් ගත් 59 හැවිරිදි පියකු මරණයට පත්ව උපකාරක පංතියක් කරා එම යතුරුපැදියේ ගමන් ගත් ඔහුගේ 19 හැවිරිදි දියණිය බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

දුන්ගාල්පිටිය ‘ගැමිසෙවන’ හෝටලය අසලදී  සිදුවූ රිය අනතුරෙන් මරණයට පත්ව ඇත්තේ දුන්ගාල්පිටිය ග්‍රාමයේ පදිංචි 59 හැවිරිදි විදුලි කාර්මිකයකුව සිටි ටී. ඩබ්ලිව්. බර්නාඞ් කිංස්ලි ප්‍රනාන්දු මහතාය. එම යතුරු පැදියේ පිටුපස අසුනේ ගමන් ගත් ඩබ්ලිව්. රෝෂිනී ප්‍රනාන්දු නමැති සිසුවිය බරපතළ තුවාල ලබා ඇති බවයි සදහන් වන්නේ.

මෙම අනතුර සම්බන්ධයෙන් දුන්ගාල්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක චමින්ද රණසිංහ මහතාගේ උපදෙස් මත එහි රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ජයන්ත පතිරණ මහතා විසින් සිදුකරන ලද මූලික විමර්ශනයේදී අනාවරණය වූ කරුණු අනුව මෙම සිද්ධියෙන් මරණයට පත්වූ පියා තම තුරුණු දියණිය කැඳවාගෙන ජා-ඇල පිහිටි උපකාරක පංතියකට ඇය ඇරලවීම සඳහා තම යතුරු පැදියෙන් මීගමුව පමුණුගම ප්‍රධාන මාර්ගයේ කොළඹ දෙසට ධාවනය කර තිබෙන බවත් සදහන්.

එම අවස්ථාවේ අනතුර සිදුකළ ලොරිය අධික වේගයෙන් පාර පුරා ධාවනය කරමින් යතුරු පැදිකරු ගමන් කරන මාර්ගයේ විරුද්ධ දෙසින් පැමිණ ඇති අතර  ලොරි රියැදුරු ලොරිය ධාවනය කරන ආකාරය දුටු යතුරු පැදියෙන් ගමන් කළ පියා තම යතුරු පැදිය පාරේ අයිනකට ගෙන නවතා තිබු බවත් පැවසෙනවා.

එහෙත් අධික වේගයෙන් පැමිණි ලොරිය යතුරු පැදියේ ගැටී අනතුර සිදුකර තිබෙනවා. එම අනතුරෙන් යතුරු පැදිය ධාවනය කළ පියාගේ හිසට ඉලඇටවලට සහ අක්මාවට බරපතළ හානි සිදුවී ඔහු මියගොස් ඇති බවයි සදහන් වන්නේ.

යතුරු පැදියේ පිටුපස සිටි දියණියට උරහිසට සහ උකුල් ඇටයට බරපතළ තුවාල සිදුවී රෝහල් ගත කර තිබෙනවා.

මෙම අනතුරු සිදුකළ රියැදුරුට බර වාහන ධාවනය සඳහා රියැදුරු බලපත්‍රයක් තිබී නැහැ. පසුව අනතුර සම්බන්ධයෙන් රියැදුරුද, නිසි වාහන බලපත්‍රයක් නොමැති අයෙකුට තම ලොරිය ධාවනය කිරීමට ඉඩදීම සම්බන්ධයෙන් ලොරි හිමිකරුද අධිකරණය හමුවට පමුණුවා ඔවුන් සැප්තැම්බර් මස 17 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top