දකුණු ඉන්දියානු සිනමාවේ ජනප්‍රියතම චරිතයක් තමයි මහේෂ් බාබු කියන්නේ.
ඔහු මේ දිනවල කාශ්මීරයේ රැඳී සිටිමින් අලුත් වැඩක් පටන් අරගෙන තියෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනිල් රවීපෝඩි අධ්‍යක්ෂනය කරන නවතම සිනමා නිර්මාණය වන Sarileru Neekevvaru චිත්‍රපටයේ රූගත කිරීම්වල නිරත වන බව.
මෙම සිදු වීමේ විශේෂත්වය වන්නේ ඔහු කාශ්මීරයේ රූපගත කිරීම්වලට සහභාගී වන පළමු අවස්ථාව මෙය වීමයි.
මෙම අලුත්ම සිනමා පටයට මහේෂ් බාබු යුදහමුදා සෙබළෙකු ලෙස රංගන දායකත්වය ලබා දෙනවා.
ඔහු සමඟ රශ්මිකා මන්දෝනා හා නවක නිළි විජයශාන්ති චිත්‍රපටයට රංගන දායකත්වය ලබා දෙන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම අලුත්ම සිනමපටය 2020 වසරේ ජනවාරි මස 20 වැනි දා සිට ප්‍රදර්ශනය වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.