2001 සැප්තැම්බර් මස 11 වැනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට සහ පෙන්ගටගනයට එල්ලවූ එම ත්‍රස්ත ප්‍රහාරයෙන් 3000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා.
ගොඩනැගිලිවලට ගුවන් යානා කඩා වැටීමට සැලැස්වීමෙන් ප්‍රහාරය එල්ල කරන ලද්දේ අල්කයිඩා සංවිධානයයි.
තලේබාන් සංවිධානය සහ ඇමෙරිකානු බලධාරීන් අතර වසරකට ආසන්න කාලයක් මුළුල්ලේ සාකච්ඡා පැවැති අතර අවසන් වරට පැවැති සාකච්ඡා වටයෙන් අනතුරුව දෙපාර්ශවය අතර ගිවිසුමක් ඇති කරගැනීම සම්බන්ධයෙන් ද එකඟතාවක් ඇතිවුණා.
තලේබාන් සටන්කාමීන් සමඟ සාම සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බවද ඇමෙරිකානු ජනාධිපතිවරයා මීට දින කිහිපයකට පෙර පැවසුවා.
එහෙත් තලේබාන් සංවිධානය එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් ඇමෙරිකානු සෙබළකු මියයාමත් සමඟ සාම සාකච්ඡා අවලංගු කිරීමට ඇමෙරිකානු ජනාධිපතිවරයා තීරණය කළා.
තලේබාන් සංවිධානයට මීට පෙර කිසිදු අවස්ථාවක නොකළ ආකාරයේ දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සැමරුම් උත්සවය අමතමින් වැඩිදුරටත් සඳහන් කළා.