ඉරාකයේ කර්බාලා නගරයේ ශුද්ධ වූ ෂියා මුස්ලිම්වරුන්ගේ ශුද්ධ වූ අෂුරා දිනය සැමරීමේ උත්සවයකදී ඇතිවූ තදබදය හේතුවෙන් 31 දෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් පුද්ගලයින් 100 පමණ තුවාල ලබා ඇති අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහල යා හැකි බවයි එරට රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.
මුහම්මද් නබිතුමාගේ මුනුබුරා වූ ඉමාම් හුසේන් සමඟ සටනකදී කල අෂුරා ප්‍රාණ පරිත්‍යාගය සමරමින් සෑම වසරකම මෙම දිනය සැමරෙන අතර ලක්ෂ සංඛ්‍යාත ෂියා මුස්ලිම්වරුන් මේ වෙනුවෙන් සහභාගී වනවා.
පැමිණ සිටි අතිවිශාල පිරිස අතර ඇතිවූ තදබදය මෙම අනතුරට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.