Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
11
අනියම් සබඳතාවක් ගැන සැක සිතුණු සැමියා, බිරිඳගේ ගෙල කපා හිස පොලීසියට රැගෙන යයි - Photos

- අනියම් සබඳතාවක් ගැන සැක සිතුණු සැමියා, බිරිඳගේ ගෙල කපා හිස පොලීසියට රැගෙන යයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

58,084 Views
සැමියාගෙන් පොලීසියට දීර්ඝ පාපොච්චාරණයක්..
"දෙන්නා හැමදාම රංඩු.." - අසල්වැසියන් කියූ දේ..
 
තම බිරියගේ හිස එක් අතකින්ද එම හිස ඇගේ සිරුරින් වෙන් කිරීම සඳහා යොදා ගත් තියුණු පිහිය අනෙක් අතින්ද ගත් සැමියෙකු පසුගියදා ඉන්දියාවේ අස්ටරන්ගා පොලිස් ස්ථානයට පැමිණ තමා සිදුකළ අපරාධය ගැන පොලිස් නිලධාරින් හමුවේ පාපොච්චාරණයක් සිදු කළා.
 
ලේ වැගිරෙන තම බිරියගේ හිස රැගෙන පොලිස් ස්ථානයට එසේ පැමිණ තිබුණේ ඔඩ්ෂා ප්‍රාන්තයේ රායිබේරුවන් ග්‍රාමයේ පදිංචි 40 හැවිරිදි ගනේෂ් බියුරා නම් දෙදරු පියෙක්.
 
"බියුරා" චෙන්නායි නගරයේ එක්තරා පෞද්ගලික සමාගමක සේවය කළා. ඔහු පසුගිය ඉරිදා නිවසට පැමිණිමෙන් පසු සිය බිරිය වූ 34 හැවිරිදි අන්න පූර්ණා සමඟ බහින් බස් වීමක් ඇතිකරගත් අතර එය දුරදිග යාමෙන් මහත් කෝපයට පත් බියුරා ඇයට පහරදී ඇගේ ගෙලද කපා මෙසේ ඝාතනය කර තිබුණා.

බිරියගේ හිසද රැගෙන පොලිසියට පැමිණි බියුරා පොලිසියට පැවසුවේ තම බිරිය වෙනත් පුද්ගලයෙකු සමඟ අයථා සම්බන්ඳතාවයක් පවත්වන බවට තමාගේ සිතේ කලක පටන් සැකයක් තිබූ බවත්, ඒ පිළිබඳව බිරියගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ ඇය තමාට දුන් පිළිතුරු නිසා තමා තුළ ඇතිවූ කෝපයෙන් ඇයව ඝාතනය කළ බවයි.
 
වහාම ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපතිවරයා බියුරාව අත්අඩංගුවට ගෙන ඔහු කළ අපරාධය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරින් ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් ඔහුගේ නිවසට යැවීමට පියවර ගත්තා.
 
"අන්න පූර්ණාගේ" හිසත් කඳත් මරණ පරීක්ෂණය සඳහා ඉදිරිපත් කරනු ලැබූ අතර මෙම අපරාධය සම්බන්ධයෙන් අසල්වැසියන්ගේ සාක්ෂි අනුව හෙළිවූයේ බියුරා හා ඔහුගේ බිරිය අතර නිතර නිතර බහින්බස්වීම් සිදුවන බවත් එවැනි අවස්ථා උත්සන්න වන විටදී බියුරා ඔහුගේ බිරියට දැඩිලෙස පහර දෙන බවයි.
 
තවදුරටත් මෙම පහරදීම් ඉවසා සිටීමට නොහැකි වූ අන්න පූර්ණා කලක් චෙන්නායි නරගයේ සිටි ඇගේ මාපියන්ගේ නිවසට ගොස් එහි රැඳි සිටි බවත් ඔවුන් පොලිසිය හමුවේ ප්‍රකාශ කළා.
 
පසුගිය ඉරිදා සිය නිවසට පැමිණි බියුරාට දැකගතහැකි වූයේ පූර්ණා නැවත සිය නිවසට පැමිණ සිටින අයුරුයි. එය දුටු ඔහුගේ සිතේ ඇය කෙරෙහි ඇතිව තිබූ සැකය හේත්කොටගෙන දෙදෙනා අතර බහින්බස්වීමක් ඇති වී තිබෙනවා.
 
ඝාතනය කෙරුණු කාන්තාවගේ ඥාතින් පොලීසියට පවසා සිටියේ අන්න පූර්ණාගේ මව්පියන්ගේ නිවසට නිතර නිතර පැමිණෙන බියුරා එහිදී ඇයට සිදුකළ පහරදීම් හා බැණවැදීම් නිසා ඇය ආපසු සැමියාගේ නිවසට ගිය බවත්, එහිදි ඇය ඝාතනයව ඇති බවයි.
 
පොලිස් ස්ථානාධිපතිවරයා පවසන අන්දමට බියුරා අන්න පූර්ණා හා විවාහ වී ඇත්තේ දිගු ආදර සම්බන්ධයකින් අනතුරුවයි.
 
එහෙත් කල්යාමේදී දෙදෙනාම අයථා සබඳතා ඇති කරගෙන ඇති බවට සැක පහළ වීම නිසා මේ අඹුසැමියන් අතර නිතර බහින්බස් වීම් සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
 
මේ හැර අන්න පූර්ණාගේ සොයුරු බසන්ත් සානුද පසුගියදා බියුරාට විරුද්ධව පැමිණිල්ලක් කරමින් පොලීසියට කියා සිටියේ දෑවැද්ද පිළිබඳ ප්‍රශ්නයක් මත තම සොයුරිය බියුරාගේ තාඩන පීඩනවලට ලක්වන බවයි. ඒ නිසා ඔහු පොලීසියට කීවේ දැවැදි ප්‍රශ්නයක් මුල් කරගෙන බියුරා විසින් තම නැගණිය මරා දමා තිබෙන බවට තමාට ස්ථිරවම කිව හැකි බවයි.
 
සැකකාර බියුරා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

රෝහණ ආර්යරත්න


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top