Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
11
"එහෙම වුණොත් වෙන්නේ මගේ ආර්ථිකය කඩා වැටිලා කිසිදෙයක් නැති වෙන එක තමයි.." - චන්දික නානායක්කාර

- "එහෙම වුණොත් වෙන්නේ මගේ ආර්ථිකය කඩා වැටිලා කිසිදෙයක් නැති වෙන එක තමයි.." - චන්දික නානායක්කාරHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,894 Views
"ආර්ථික වාතාවරණය එක්ක හේනයි කුඹුරයි දෙකම වපුරන්න වෙනවා..."

"ප්‍රේම කරන්න වෙන්නේ එක්තරා සීමාවක ඉදලයි.."

දශක දෙකක් පුරාවට පුංචි තිරයේ කුසලතා පාමින් දිගු ගමනක් පැමිණි ඔහු ජනප්‍රිය රංගන ශිල්පි චන්දික නානායක්කාරයි. ඔහු මේ දිනවල ඔබේ ආලින්දයේ නිතර දකින චරිතයක් බවට පත් වෙලා. මේ ඔහු ගැන අලුත් තොරතුරුයි.

ඔබ දැන් පුංචි තිරයේ නිතරම පෙනෙන චරිතයක් වෙලා?
මගේ රස්සාව රඟපෑම. එක එක කාලවකවානූවලදි රූගත කෙරුණු ටෙලි නාට්‍ය එකවර දිර්ඝ වශයෙන් විකාශය වෙන්න පටන් අරන්. හැබැයි සමහර කාල තියෙනවා එකක්වත් නැති.

නිතර දකිනකොට ප්‍රේක්ෂකයාට ඒකාකාරි වේවි යැයි හිතෙන්නේ නැද්ද?
ඒකාකාරී චරිත රඟපෑවොත් ඒකාකාරි වේවි. නමුත් මේ හැම ටෙලි නාට්‍යයකින්ම මාව දකින්නේ එකිනෙකට වෙනස් චරිත ඔස්සේ.

ඔබේ වැඩි ප්‍රවණතාව දීර්ඝ නාට්‍යවලට වගෙයි?
මම තෝරා ගන්නවා කෙසේ වෙතත් නාට්‍ය විසින් මා තෝරා ගැනීමක් තමයි වෙන්නේ.

එහෙම ලැබෙන හැම චරිතයම බාර ගන්නවද?
කලින් කිව්වා වගේ මම වෘත්තීය රංගන ශිල්පියෙක්. ඉතින් ඔය ඕනෑවට වඩා තෝරල බෙරලා වැඩ කළොත් වෙන්නේ මගේ ආර්ථිකය කඩා වැටිලා කිසිවක් නැති වෙන එක. මම යම් චරිතයක් කළොත් එය ප්‍රේක්ෂකයෝ අතර ප්‍රතික්ෂේපිත වේවිද කියන කාරණය පමණයි මම චරිත තෝරා ගැනීමේදී සලකන්නේ.

පෙම්වතාගේ චරිතයත් එහෙම ප්‍රතික්ෂේප වෙලාද?
එහෙම දෙයක් නැහැ. අපේ වයස එක්ක බැලුවොත් අපි ඉන්නේ තාරුණ්‍යයේ හිනි පෙත්තේ නෙමෙයි. අපට ප්‍රේම කරන්න වෙන්නේ එක්තරා සීමාවක සිටයි.

දශක දෙකකට ආසන්න ආ ගමන ගැන ඔබ තෘප්තිමත් ද?
මම ලද දෙයින් සතුටු වෙන කෙනෙක්. මේ දශක දෙක ආ ගමන ගැන, ජනතාවගේ ආදරය, ලැබුණු සම්මාන ගැන මම තෘප්තිමත්. හැබැයි රංගන ශිල්පියෙක් ලෙස තියෙනවානේ බලාපොරොත්තු...මේ මේ චරිත තිබුණා නම් හොඳයි කියලා. ඉතින් මැරෙනකම් මමත් රංගනය පිළිබඳ සෑ‍හීමකට පත් වෙන එකක් නැහැ. නමුත් රංගනය නිසා මට බොහෝ දේ ලැබී තිබෙනවා.

ඒ මොනවාද?
ළඟදි ලැබුණු තෑග්ග ගැන කියන්නම්. ඔස්ට්‍රේලියාවේ ඉන්න මගේ රසිකයෝ පිරිසක් එහේ සිංහ සමාජ හා සම්බන්ධ වී ඔස්ට්‍රෙලියාවේ නිපදවූ ලොව පිළිගත් සන්නාමයකින් යුතු ඇස් කණ්ණාඩි ලක්ෂයක් එවා තිබෙනවා. දැන් ඒ ඇස් කණ්ණාඩි ලක්ෂය බෙදා දීමේ වැඩපිළිවෙල මම පටන් ගත්තා පහුගිය ඉරිදා ඉඳලා. තව කොටසක් මේ මස 13 වැනිදා රත්නපුර සමන් දේවාලයේදී අපි බෙදනවා.

සමාජ සත්කාරක කටයුතුවල නියැලෙන්නේ දේශපාලනයටවත් එන්න බලාගෙනද?
මම හැමදාම ඒ වගේ කටයුතු කළා. මගේ වියදමින් කර කර ඉන්නකොට දැන් ඒ දේවල්වලට මගේ රසිකයන්ගෙනුත් අනුග්‍රහය ලැබෙනවා. මේ කරන දේවල්වලට මගේ නම් එහෙම කිසිම අරමුණක් නැහැ. මේ කණ්ණාඩි බෙදා දීමේ වැඩපිළිවෙලෙත් කණ්ණාඩි දෙන්න එකම සුදුසුකම ඇස් පෙනීමේ යම් දුර්වලතාවක් තිබීමම පමණයි. අවුරුදු විස්සක් මිනිස්සු මට දීපූ දේවල් තිබෙනවා. මම මේ කරන්නේ එයට පෙරලා කෘත ගුණ සැලකීමක්.

ඔබ අධ්‍යාපන හැදෑරුවේ වෙනත් අංශයකින් නමුත් තෝරා ගත්තේ රංගනය?
ඒ ගැන මට කිසිදු පසුතැවීමක් නැහැ. මම උසස් පෙළට ජීව විද්‍යාව හැදෑරුවා. ඉන්පසු පරිගණක තාක්ෂණය පිළිබඳ හැදෑරුවා, විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව සහ කළමනාකරණය හැදෑරුවා, හෝටල් කළමනාකරණයත් ඉගෙන ගත්තා, දැන් කැලණිය විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාමය උපදේශන ඩිප්ලෝමාව හදාරනවා, මේ සියල්ල එකකට එකක් සම්බන්ධ නැහැ, වැඩකට නැහැ වගේ පෙණුනට මේ හැම දේකම දැනුමෙන් තමයි අද ජීවිතය මේ විදිහට කළමනාකරණය කරගෙන තියෙන්නේ. මුලදි මේ හැම දේම ඉගෙන ගත්තේ මම යා යුතු ගමන හොයා ගන්න. ඒ හොයන කොට මේ මාර්ගය ලැබුණා. ඉගෙන ගත්තේ රංගනයට අත්දැකීම් ගන්න නෙමෙයි වුණත් හැදෑරු සියල්ල දැන් මගේ රංගන කාර්යයට ලොකු පිටිවහලක් වෙනවා.

කලාවෙන් ඔබ්බට යන්න අදහසක් නැද්ද?
රඟපෑම තමයි මගේ ප්‍රධාන කාරණාව. එය මම දේවත්වයෙන් සලකන්නේ, රඟපැම විනෝදාංශයට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. බොහොම ගෞරවයෙන් සලකන, මට සියල්ල ලැබුණු මම ආදරය කරන වෘත්තිය රංගනය. නමුත් මම දැනටත් ලංකාවේ හා විදෙස් රටවල මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාර කටයුතු කරනවා. අපේ රටේ තියෙන ආර්ථික වාතාවරණය එක්ක හේනයි කුඹුරයි දෙකම වපුරන්න වෙනවා. එතකොටයි හැමදාම ස්ථාවරව ඉන්න පුළුවන් වෙන්නේ.

සිළුමිණ
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top