කොත්මලේ - ලිලිස්ලන්ඩ් තේ වත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක තරුණයෙක් 10 දා පස්වරුවේ දියේ ගිලීම නිසා මිය ගිය බව පොලිසිය පවසයි.
මෙසේ මිය ගියේ කොත්මලේ ගවෙලමුල්ල තේ වත්තේ ලිලිස්ලන්ඩ් කොටසේ පදිංචි කරුවකු වු රාජේන්ද්‍රන් නවනේන්ද්‍රන් නමැති අවිවාක තරුණයෙක් බවයි සදහන් වන්නේ.
ඔහු එදින පෙරවරුවේ තම නිවසේ සිට සිය එළවළු කොටුවට යන බව පවසමින් නික්ම ගිය බවත් දිවා කාලය පසු වන තුරුත් නිවසට නොපැමිණිම නිසා සොයා බැලිමේදී කොත්මලා ඔයට ජලය සැපයෙන ඇල මාර්ගයක වැටි සිටියදී සොයා ගත් බව ඥාතින් පවසා තිබෙනවා.
පසුව නුවරඑළිය රජයේ මුලික රෝහල වෙත රැගෙන ඇවිත් ඇති අතර ඊට ඇතුලත් කරන විටත් ඔහු මිය ගිගොස් ඇති බව දන්වා තිබෙනවා.
කොත්මලේ පොලිසිය පරික්ෂන පවතවයී.