මම කටාර්වල දැනටත් වැඩ කරන්නේ...
මේක මට ලොකු කැළලක්, ෆොටෝ එක අයින් කරන්න..
හොරොව්පතාන ශ්‍රී ස්වර්ණතිලකාරාම පිිරිවෙනේ කුඩා සාමනේර හිමිවරුන් දෙනමට අමානුෂික අයුරින් පහර දුන් චමින්ද ගලබොඩ හෙවත් උටියා නමැත්තා මීට පෙර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මුදා හැර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
කෙසේ වෙතත්, පසුව මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසු මේ පිළිබදව කතාබහට ලක්වීම හේතුවෙනුයි පොලීසිය යලි ඊයේ දිනයේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
පසුගිය 7 වන දා මෙම පහරදීම සිදුව ඇති අතර, එහිදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රදේශවාසීන්ගේ පැමිණිලි මතයි.
එහෙත් විහාරස්ථානයේ දායක සභාවේ සහ ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම මත පසුව සැකකරු මුදා හැරි බව හොරොව්පතාන පොලීසියේ උසස් නිලධාරියෙකු කියා සිටියා.
වෙලඳසැලකින් ටොෆි සොරකම් කළ බවට පවසමින් ඔහු මෙම පහර දීම සිදුකර ඇති අතර එම සිද්ධිය අවට සිටි පුද්ගලයෙකු වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.
එලෙස එය වීඩියෝ ගත කළ පුද්ගලයින් සම්බන්ධයෙන් ද විමර්ශණයක් ආරම්භ කර ඇති බවයි හොරොව්පතාන පොලිසිය කියා සිටියේ. ඒ මෙම සිද්ධිය වලක්වාලීමට උත්සහයක් නොගැනීම හේතුවෙන්.
අත්අඩංගුවට ගත් චමින්ද ගලබොඩ හෙවත් උටියා අද දින පදවිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර, චමින්ද ගලබොඩ හෙවත් උටියා අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහුගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා.
එහෙත් එලෙස හුවමාරු වන ඡායාරූපය වැරදි බවත්, එය තමාගේ ඡායාරූපය බවයි කටාර් හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයෙකු සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් එක් කරමින් කියා සිටියේ.