Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
10
කැබිනට් ආමාත්‍යවරුන් 8දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල - Video

- කැබිනට් ආමාත්‍යවරුන් 8දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,259 Views
වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ කැබිනට් ආමාත්‍යවරුන් 8දෙනෙකුට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

ඒ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවෙයි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය පෙන්වා දෙන්නේ වත්කම් බැරකම් ප්‍රකාශන නීතියට අනුව සියලුම කැබිනට් ඇමතිවරුන් ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශන ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ලබා දිය යුතු බවයි.
 

ඒ අනුව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය තොරතුරු දැනගැනීමේ පනත යටතේ අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලුම් කර ඇතත් 2019 අගෝස්තු 20 වන විට කැබිනට් ඇමතිවරුන් 8 දෙනෙක් තම වත්කම් හා බැරකම් ප්‍රකාශන ඉදිරිපත් කර නොමැති බව ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම් දී තිබෙනවා.

එලෙස වත්කම් හා බැරකම් ප්‍රකාශන ඉදිරිපත් නොකර ඇත්තේ කැබිනට් අමාත්‍යවරුන් වන සජිත් ප්‍රේමදාස, නවීන් දිසානායක, හරීන් ප්‍රනාන්දු, අකිල විරාජ් කාරියවසම්, රවී කරුණානායක, ගයන්ත කරුණාතිලක, මනෝ ගනේෂන්, එම්.එච්.ඒ හලීම් යන මහත්වරුන්.

ඒ අනුව අදාළ කැබිනට් අමාත්‍යවරු 8දෙනාට එරෙහිව වත්කම් බැරකම් ප්‍රකාශන නීතිය යටතේ ක්‍රියාමාර්ග ගැනීමට බලය ඇති එකම ආයතනය වන අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පැමිණිලි ගොනු කෙරුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top