Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
10
"අයිය‍ගෙ නෝනාට මාත් එක්ක සම්බන්ධයක් තිබුණා. මම එයාට වස දීලා මැරුවා" - සහෝදරයාගේ දරුවන් ඉදිරියේ දණින් වැටී භූතාත්මයක් හෙළිකරපු අභිරහස මෙන්න

- "අයිය‍ගෙ නෝනාට මාත් එක්ක සම්බන්ධයක් තිබුණා. මම එයාට වස දීලා මැරුවා" - සහෝදරයාගේ දරුවන් ඉදිරියේ දණින් වැටී භූතාත්මයක් හෙළිකරපු අභිරහස මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25 Views
අයියගෙ නෝනයි දරු දෙන්නයි මේ ගැන දන්නෙ නෑ
ඔව් ඔව් මම කරපු වැරදි ඔක්කොම මේ ලොකු එකී දන්නවා
 
මිත්‍යා දෘෂ්ටිය, විෂම ලෝභය හා අසීමිත තණ්හාව මිනිසා නොමිනිසෙක් බවට පත් කරයි. මිත්‍යා දෘෂ්ටියෙන් අන්ධ වූ පෘතග්ජනයාට ආස්වාද‍යේ ආදීනවය නොපෙනෙයි. ඒ නිසා ඔහුට කරන කලට පව් මී සේ මීරි වෙයි. විඳින කලට දුක් ගිනි සේ දැඩි වෙයි. සමහර අපරාධකාරයෝ නිලබලය හා ධන බලය නිසා මෙලොව දඬුවමින් නිදහස් වෙති. සමහරු හිර ගෙදර සිටියත් සැප විඳිති. එහෙත් ධර්මතාව විසින් දෙනු ලබන දඬුවමින් නම් නිදහස් විය නොහැකිය. අපායේ මිනිත්තුවක් විඳින දඬුවම හිරගෙදර වසරක් විඳින දඬුවමට වඩා දරුණුය.
 
පිළියන්දල චමින්ද හතළිස් හැවිරිදි ව්‍යාපාරිකයෙකි. තිස් පස් හැවිරිදි බිරිය සුනිලා බැංකු නිලධාරිනියකි. මේ දෙදෙනා දෙදරු මවුපියෝය. දැනට වසර දෙකක පමණ කාලයක සිට චමින්ද රතු රුධිරාණු හීනතාවයෙන් පෙළෙයි. ශරීරය කෘශ වී ඇත. ඇවිදින්නේ ඉතා අපහසුවෙනි. කල්පනා ශක්තිය ද අඩු වී ඇත. දැන් ඔහු රැකියාවේ යෙදෙන්නේ ද නැත. නිවසේ අසාමාන්‍ය සද්ද බද්ද ඇහෙන්නට විය. ඡායාවක් නිවසේ එහා මෙහා ගමන් කරන අයුරු නිවැසියන්ට පෙනෙන්නට වූ අතර ඒ වේලාවට මහා දුර්ගන්ධයක් පැතිරෙන්නට විය. ශාරීරික ආබාධවලට වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් සුවයක් ලැබී නැත. නිවසේ පවතින අසාමාන්‍යතාවලට වත්පිළිවෙත් කළත් එයින් ද සහනයක් ලැබී නැත.

“සිළුමිණ” පියවි ඇසින් ඔබ්බට විශේෂාංගය දිනක් කියවා මේ යුවළ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගියහ. එහිදී ආධ්‍යාත්මීය උපදේශකවරයාගේ රෝග පරීක්ෂාවේදී චමින්ද පැදෙන්නට විය. ඔහුට අමනුෂ්‍ය දෝෂයක් ඇතැයි නිගමනය කළ ගවේෂකවරයා ද දින විසි එකක් ගමේ පන්සලේදී බෝධි පූජා පවත්වා නැවත එන්නැයි ඊට අවශ්‍ය උපෙදස් දුන්නේය.
 
බෝධි පූජා අවසන් කොට නැවත පැමිණි දිනයේ චමින්දට භූතාත්මයක් දිෂ්ටි ගැන්වී අඬන්නට වූයේය. භූතාත්මය කතා කරන්නට උත්සාහ කළත් මුවින් වචන පිට වූයේ නැත. මෙසේ ප්‍රතිකාර සඳහා පැමිණි සතරවැනි දිනයේ භූතාත්මය කතා කරන්නට වූ අතර ගවේෂකවරයා ප්‍රශ්න කිරීම් ආරම්භ කළේය.
 
“කවුද මේ ශරීරයට ඇතුළුවෙලා ඉන්නේ?” යි ඇසීය.
“මම විල්සන්” යැයි භූතාත්මය කීවේය.
“කවුද විල්සන් කියන්නේ?”
“මේ චමින්දගේ තාත්තා” යි කී සැණින් භූතාත්මයට යළිත් කතා කැර ගන්නට නොහැකි විය. සද්දය පිට නොවී භූතයා අඬන්නට විය.
තාත්තා සිහිපත් කොට තාත්තා නමින් දින හතක් හිඟන්නන් හත් දෙනෙකුට කෑම පාර්සල් පිරි නමා හැන්දෑවට බෝධි පූජා පවත්වා සියලු ලෝක සියලු සත්ත්වයන්ට පින් අනුමෝදන් කොට පියාට ද පින් දී නැවත එන්නැයි නියම කළේය.
ඊළඟට පැමිණි දිනයේ ප්‍රේතයා කතා කරන්නට විය. ගවේෂකවරයා ප්‍රශ්න කළේය.
“ඇයි මේ පුතාට කරදර කරන්නේ?”
“මම කරදර කරන්නෙ නැහැ. මගෙන් ලොකු වරදක්. අසාධාරණයක් සිද්ධ වුණා. මා කළ වරදට දැන් දැවෙනවා. තැවි තැවී දැවෙනවා. ඒ වරද නිවරද කරගන්නයි මා ඇවිත් ඉන්නේ?”
“මහත්මයා මම තරුණ කාලෙ අයියයි මමයි එකට ව්‍යාපාර කළා. අයියා හිටි හැටියෙ මළා. අයියගේ දේපළ මට අයිති වන විදිහට මම ‍හොර ඔප්පුවක් ලියා ගත්තා. ලොකු දේපළක්. බේකරියක්. ගල් කොරියක්. වාහන ඉඩකඩම් හැම දෙයක් ම මා නමට හොර ඔප්පුවෙන් ලියා ගත්තා. අයියගෙ නෝනයි දරු දෙන්නයි මේ ගැන දන්නෙ නෑ. ඔය අතරෙ අයියගේ නෝනත් මළා. අයිය‍ගෙ නෝනා මා එක්ක සම්බන්ධයක් තිබුණා. මම එයාට වස දීලා මැරුවා. අසීමිත තණ්හාව නිසා. අම්මා මැරුණම ඒ දරුවෝ දෙන්නා හැදුණේ අපේ අම්මා ළඟ. මම කරපු වංචාව, අපරාධය, ළමයි දෙන්නා දන්නේ නැහැ. මම කළ අසාධාරණය ගැන දැන් දැවෙනවා. තැවෙනවා.”
 
චමින්ද පියවි සිහියට පත් කළ ගවේෂකවරයා භූතාත්මය පැවසූ දේ පිළිබඳ විමසීය. මේ පිළිබඳ විස්තර දන්නේ ලොකු අක්කා බවත් සියලු ව්‍යාපාර පාලනය කරන්නේ ලොකු අක්කා බවත් සෑම මාසයක් අවසානයේ චමින්දටත් පොඩි අක්කාටත් ලාබයෙන් කොටසක් බෙදා දෙන බවත් චමින්ද කීවේය.
 
එසේ නම් තවත් සතියකින් ‍අක්කලා දෙන්නාත් කැඳවාගෙන එන්නැයි උපදෙස් දුන්නේය. “ඔය හොර කට්ටාඩි හමුවෙන්න මට ඕනෑ කමක් නැහැ” යි ලොකු අක්කා පැමිණීම ප්‍රතික්ෂේප කළාය.
 
ඊළඟට පැමිණි දි‍නයේ දිෂ්ටි වූ භූතාත්මය අමතා ගවේෂකවරයා කරුණු පැහැදිලි කළේය.
 
“විල්සන් කරපු අපරාධවලට මට කරන්න දෙයක් නෑ. ලොකු දුව එන්නේ නැත්නම් ඔබ ප්‍රේතාත්මයෙන් මුදවන්න මට බැහැ. කරපු වැරදිවලට විඳවන එකයි තියෙන්නේ. මම චමින්දට ආරක්ෂාවක් යොදනවා” යැයි චමින්දගේ ආරක්ෂාව සඳහා පිළිවෙත් නියම කළේය.
 
එයින් කෝපයට පත්ප්‍රේතයා රාත්‍රි ලොකු දුවගේ බෙල්ල මිරිකන්නට විය. නිදි නොලබා බියට පත්වූ ඇය චමින්ද සමඟ ගවේෂකවරයා සොයා ගෙන ආවාය.
 
තාත්තා කළ අපරාධවලට දැන් අපාගතව දුක් විඳින තාත්තාගේ ප්‍රේතාත්මයට යම් හෝ සහනයක් ලබා දෙන්නට දරුවන් කටයුතු කළ යුතු බවත් මහප්පාගේ දේපළ අසාධාරණව අයිති කැරගෙන භුක්ති විඳීමේ විපාක දරුවන්ට ද විඳින්නට නියම වී ඇති බවත් ගවේෂකවරයා පැහැදිලි කරන විට භූතාත්මය චමින්දට ආවිෂ්ට වී කතා කරන්නට විය.
 
“ඔව් ඔව් මම කරපු වැරදි ඔක්කොම මේ ලොකු එකී දන්නවා. මෙයා තමයි දැන් ඒ දේපළ පාලනය කරන්නේ. මගේ අයියගේ ළමයි දෙන්නට මේකි සලකන්නේ නෑ. අනේ මහත්තයා මට සැනසිල්ලක් නෑ. දැවෙනවා. දැවෙනවා” යි අඬන්නට විය.
 
මිය ගිය මහප්පාගේ දරුවන්ට ඒ බව විස්තර කොට තවත් සතියකින් ඔවුන් දෙදෙනාත් මේ පවුලේ අයත් පැමිණෙන්නැයි නියම කළේය.
 
ඊළඟට ඔවුන් පැමිණි දිනයේ විල්සන්ගේ ප්‍රේතාත්මය සහෝදරයාගේ දරු දෙදෙනා ළඟ වැඳ වැටී “අනේ පුතේ මට සමාව දෙන්නැ” යි ඇවටිලි කරන්නට විය.
 
සිදුවී ඇති අසාධාරණය පිළිගෙන පවුලේ සහෝදරියන් දෙදෙනා සමඟ තීරණයක් ගෙන මහප්පාගේ දරුවන් දෙදෙනාට සාධාරණයක් කරන්නැයි ගවේෂකවරයා චමින්දට උපදෙස් දුන්නේය.
 
“ඔව් ඔව් සාධාරණය ඉටු කරපල්ලා. මට දුක් විඳින්න බෑ. මේ විපාකයෙන් මාව මුදා පල්ලා. නැත්නම් මම උඹලාගෙන් පළිගන්නවා” යැයි ප්‍රේතයා චමින්දට ආවිෂ්ට වී කෑ ගසන්නට විය.
 
ඒ අනුව ආදායම පහට බෙදා එයින් කොටස් දෙකක් මහප්පාගේ දරුවන් දෙදෙනාට දෙන බවට ලොකු අක්කාත්, පොඩි අක්කාත්, මල්ලීත් එකඟ විය.
 
පවුල් දෙකේ ම සහෝදර සහෝදරියන් පස් දෙනාම එකතු වී සාංඝික දානයක් පිරිනමා තාත්තාටත්, මහප්පාටත්, ලොකු අම්මාටත් සංසාර ගත සියලු ඥාති මිත්‍රාදීන්ටත් පින් අනුමෝදන් කැර නැවත එන්නැයි ගවේෂකවරයා උපදෙස් දුන්නේය.
 
පවුල් දෙකේ ඥාතීන් එක් වී සාංඝික දානය පිරිනමා පින් අනු‍මෝදන් කොට නැවත පැමිණියහ. එදින ප්‍රේතාත්මය පලතුරු වට්ටියකට සම්බන්ධ කොට ඔවුන් අතම අනුරාධපුරයට යැවීය.
 
මතුගම මහින්ද විජේතිලක - සිළුමිණ
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top